Local

බොරු වලට අහුවෙන්න එපා..

Friday, 20 September 2024 - 9:31 am

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම නිදහස්,සාධාරණ හා විශ්වසනීය භාවයෙන් යුතුව පැවැත්වීමට අවශ්‍ය සියලු විධිවිධාන මේවන විට ගෙන ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

ඊට අදාළ සියල්ල විවස්ථාපිතව කල යුතු කාර්‍යන් පිළිබඳ චක්‍රලේඛ,උපදෙස් ,නියෝග නිකුත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආයතන හරහා මහජනතාව දැනුවත් කර ඇතිබව සභාපතිවරයා පැවසීය.

එහෙත් විවිධ පුද්ගලයන් සහ සංවිධාන කොමිෂන් සභාවේ උපදෙස් වලට පටහැනිව හා පරිබාහිරව ඡන්ද විමසීම පිළිබඳ වරින් වර විවිධ ප්‍රකාශ නිකුත් කරන බව නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් මේවනවිට ඡන්ද සලකුණු කරන ආකාරය ,ඡන්ද හා මනාප ගණන් කරන ආකාරය ,මැතිවරණ නීති බලාත්මක කිරීම,ප්‍රචාරණ කටයුතු හා වෙනත් පරිපාලනමය කාර්‍යන් සම්බන්ධයෙන් එලෙස ප්‍රකාශ නිකුත් කරන බව නිරීක්ෂණය වී තිබේ.

එම ප්‍රකාශ සඳහා මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදෙමින් ද තිබේ.

ඒවා මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදන නොවන බවත් එවැනි කිසිදු ප්‍රකාශයක නිල වලංගුතාවක් නොමැති බව සභාපතිවරයා එහිදී පැවසීය.

ඡන්ද විමසීම සඳහා ඕනෑම තොරතුරක් පුරවැසියන්ට මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසීමට හැකිය.

ජනාධිපතිවරණයේදී ජනතාවට දැනගැනීමට අවශ්‍ය සියලු තොරතුරු ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් නිකුත් කරන බවත් ඒ හේතුවෙන් විවිධ පුද්ගලයන් සහ සංවිධාන විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශ සඳහා නොරැවටෙන ලෙස ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT