Sports

ශ්‍රී ලංකා ටෙස්ට් පිල එංගලන්තයට

Monday, 12 August 2024 - 7:38 am

එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඊයේ පෙරවරුවේ මෙරටින් පිටත්ව ගියේය.

මින් පෙර නායක ධනංජය ද සිල්වා ඇතුළු ක්‍රීඩකයන් 7 දෙනකු එංගලන්තය බලා ගොස් සිටි අතර, සෙසු ක්‍රීඩකයන් පිරිස සමඟ පුහුණුකරු සනත් ජයසූරිය ද ඊයේ පිටත්ව ගිය කණ්ඩායමට ඇතුළත් විය.

මේ තරගාවලිය සඳහා පිටත් යෑමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය කියා සිටියේ ක්‍රීඩකයන් කණ්ඩායමට මෙන්ම පුහුණු කාර්ය මණ්ඩයෙන් ක්‍රීඩකයන්ටත් 100%ක් සහාය ලබාදෙන බවත්, එම නිසා හොඳ තරග සංචාරයක් කිරීමට හැකි වනු ඇති බවත්ය. මේ තරගාවලියේදී සියලු ක්‍රීඩකයන් ඔවුන්ගේ උපරිම දස්කම් පෙන්වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවකී ඔහු මේ ක්‍රීඩකයන්ට ඇත්තේ තාවකාලික පසුබෑමක් බවත්, මේ අයට උදව් කරන්න එන්න කියලා කිව්වම ප්‍රේක්ෂක‍ෙයක් ඒකට ආවා. මේ තරගාවලියේදීත් කණ්ඩායම උපරිම සහාය ලබා දෙන ලෙස ඔහු ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

සිය පුහුණුකාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජයසූරිය කියා සිටියේ මේ තමා පුහුණුකරු ලෙස කටයුතු කරන අවසන් තරගාවලිය බවයි. ඉදිරියටත් මේ තනතුරේ රැඳෙනවාදැයි මේ දක්වා සිතා නොමැති බව කී ජයසූරිය ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් ආරාධනාවක් ලැබී නැතැයි ද කියා සිටියේය.

මේ අතර සනත් ජයසූරියගේ ඉල්ලීමක් මත එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු වන ඉයන් බෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණු කාර්ය මණ්ඩලයට එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මේ තරගාවලියේදී එංගලන්ත තණතීරු සහ කාලගුණය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින් ක්‍රීඩකයන් ඊට හුරු කිරීමට එරට ක්‍රීඩකයකුගේ විශේෂඥ සහාය අවශ්‍ය බැවින් ජයසූරිය මේ ඉල්ලීම කර තිබේ.

දෙරට අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 21 වැනිදා මැන්චෙස්ටර්හිදී ආරම්භ වීමට නියමිතය.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT