Local

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නැංවිය හැකියි – සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ

Friday, 23 February 2024 - 7:34 am

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

ඒ වෙනුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් යොමුවී ඇති ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මේ බව සඳහන් කළේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඇතැම් පාර්ශ්ව රාත්‍රී ආර්ථිකය සම්බන්ධව විවිධ චෝදනා එල්ල කළද ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත් භූමිකාවක් ඉටු කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මෙසේද පැවසුවාය,

රාත්‍රී කාලයේ විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම් රටක ආර්ථිකය ඉහළ නංවා ගැනීමට සැලකිය යුතු භූමිකාවක් ඉටුකරනවා. රාත්‍රී කාලයේ දී සංචාරකයන් වෙනුවෙන් විනෝදාස්වාද ක්‍රියාකාරකම් මෙන්ම අවන්හල් විවෘතව තැබීම ඇතුළු රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවා ගැනීමට හැකියාව තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකයේ දායකත්වය ලබා ගන්නවා.

විදේශීය සංචාරකයන් පමණක් නොවෙයි, අපේ රටේ ජනතාවද සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී අවන්හල් වෙත ගොස් ආහාර පාන ගැනීම ඇතුළු විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම්වල නිරතවීමට වැඩි කැමැත්තක් දක්වනවා. එමඟින් විශේෂයෙන් සුරාබදු ආදායම් පවා වැඩිකර ගැනීමට රජයට අවස්ථාව හිමිවෙනවා. රටක් ඉදිරියට ගෙන යාමට මෙන්ම රටේ සංවර්ධනය තිරසරව පවත්වා ගැනීම සඳහා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍යයි.

ඇතැම් පාර්ශ්ව රාත්‍රී ආර්ථිකය සම්බන්ධව විවිධ චෝදනා එල්ල කරනවා. නමුත් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව තිබෙන ප්‍රධාන ස්ථාන අතර වන විශේෂයෙන් වෙරළාසන්න ප්‍රදේශ සහ කොළඹ වැනි නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් විනෝදාස්වාදය ලැබීමට අවස්ථා තිබිය යුතුයි. එනිසා එවැනි ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය වැනි විවිධ රටවලින් සංචාරකයන් මෙරටට පැමිණෙනවා. ඔවුන්ට මෙරටට පැමිණ විනෝදාස්වාදය ලැබීමට හැකි ආකාරයට ඇතැම් සීමා සංශෝධනය විය යුතුයි. නිදසුනක් ලෙස ආපන ශාලා විවෘතව තැබෙන කාල සීමාව වෙනස් විය යුතුයි. සංචාරකයන්ට පහසු වන නම්‍යශීලී ප්‍රතිපත්තියක් වෙත අප යොමුවිය යුතුයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT