ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරත වූ විදුලි සේවකයින් 66 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
මේ අනුව, පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් එම සේවකයන්ගේ වැඩ තහනම් කළ බව විදුලිබල මණ්ඩලය පවසයි. විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගියදා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණි. ඒ අනුව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසුව උපදෙස් ලබා දී තිබුණේ, සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියා කරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.