Local

කුකුල් චමින්ද ගේ අනියම් බිරියන්, ව්‍යාපාරිකයන් දූෂණය කළ බවට බොරු පැමිණිලි කර මුදල් ලබා ගෙන.

Monday, 10 June 2024 - 10:36 pm

බත් කවන අතරවාරයේදී සිඟිත්තියකට වරින් වර අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින කුකුල් චමින්ද නමැත්තා ඔහුගේ අනියම් බිරියන් බව කියන කාන්තාවන් දෙදෙනා යොදාගෙන භාරයක් ඔප්පු කිරීමට යැයි කියා විවිධ ප්‍රදේශවල සැරිසරමින් ව්‍යාපාරිකයන් රවටා මුදල් එකතු කිරීමේ ජාවාරමකද නිරතව සිට ඇති බවට අනුරාධපුර, හොරොව්පතාන පොලිසිය කළ පරීක්ෂණයකදී තොරතුරු අනාවරණය වී ඇත.

භාරයක් ඔප්පු කිරීමට සම්මාදම් මුදල් එකතු කරන බව පවසමින් විවිධ ප්‍රදේශවල සැරිසරන අවස්ථාවලදී කුකුල් චමින්ද නමැත්තා අතින් පහර කෑමට ලක් වූ අවුරුදු හතරහමාරක් වයස සිගිත්තියද රැගෙන ගොස් ඇති බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක්  ඊයේ (9) පැවසීය.

මෙම සිගිත්තිය පෙන්නමින් ඇය රෝගාතුර වූ කාලයේ භාරයක් වූ බවත් සුව වූ පසු හිඟා කා මුදල් එකතු කර එම බාරය ඔප්පු කිරීමට දෙවියන් ඉදිරියේ ප්‍රතිඥාවක් දුන් බවත් කියමින් මෙම කාන්තාවන් දෙදෙනා එම දරුවා ද ද පෙන්වා ව්‍යාපාරිකයන් රවටමින් මුදල් එකතු කර ඇති බවද වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.සම්මාදම් නොදෙන ව්‍යාපාරිකයන්ට එරෙහිව තමන් ව්‍යාපාරික ස්ථානයේ කාමරයක් තුළට බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කළ බවට බොරු පැමිණිලි කර ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

හොරොව්පතාන ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳ සලකට කුකුල් චමින්ද නමැත්තාගේ අනියම් බිරියන් බව කියන කාන්තාවන් දෙදෙනා ගොස් කාන්තාවක වෙළඳසල ඉදිරිපිට සිටියදී අනෙක් කාන්තාව වෙළෙඳසල ඇතුළට සම්මාදම් ඉල්ලා ගිය අවස්ථාවේ එම රෙදි පිළි සාප්පුවේ අයිතිකරු තමා කාමරයකට රැගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණය කළ බවට එම කාන්තාව පසුගිය පෙබරවාරි මාසයේ හොරොව්පතාන පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

එම පැමිණිල්ල අනුව මවුලවිවරයකු ලෙසද කටයුතු කරන ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කර තිබිණි යයිද පොලිසිය කියයි.මෙම පැමිණිලිකාර කාන්තාව අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු හමුවට ඉදිරිපත් කර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය අවස්ථා කිහිපයකදීම උත්සාහ කළත් ඇය එයට ඉදිරිපත් නොවී මගහැර සිටි බවද පොලිසිය පැවසීය. පසුව මෙම කාන්තාව  පොලිසියෙන් වසන්  වී සිට ඇත.

සිගිති දැරියකට කෲර ලෙස වධ හිංසා කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන්නේ යැයි කියමින් සැකපිට පුල්මුඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනකුගෙන් එක් තැනැත්තියක ව්‍යාපාරිකයාට එරෙහිව පැමිණිල්ල කළ කාන්තාව බවට හඳුනා ගනු හොරොව්පතාන ලැබුවේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා විසිනි.

පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට මෙම සැකකාර කාන්තාවද රැගෙන ආ අවස්ථාවේ අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව එම කාන්තාවගෙන් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. හොරොව්පතානේ රෙදි සාප්පුවේ අයිතිකරු තමාව දූෂණය කළ බවට පසුගිය පෙබරවාරි මාසයේ කළ පැමිණිල්ල සම්පූර්ණ බොරුවක් බව පොලිසිය ප්‍රශ්න කළ අවස්ථාවේ හෙළි කළේ යැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

ආධාර මුදල් නොදුන් නිසා වැඩිපුර මුදලක් එම රෙදි සාප්පු අයිතිකරු බියගන්වා ලබා ගැනීමට මෙවැනි බොරුවක් ගොතා පොලිසියට පැමිණිලි කළ බව කාන්තාව පැවසූ බව පොලිසිය පවසයි. එම කාන්තාවගේ මෙම ප්‍රකාශයද පොලිසිය සටහන් කරගෙන ඇත.මෙම කාන්තාවන් දෙදෙනා විවිධ ප්‍රදේශවලට ගොස් මෙවැනි ආකාරයේ අසත්‍ය චෝදනා ව්‍යාපාරිකයන්ට නගා ඔවුන් බියට පත්කර මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති නිසා ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වාගෙන යයි.

පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කළේ යැයි කියන චෝදනාව යටතේ එම කාන්තාවට එරෙහිව නඩු පැවරීම සඳහා හෙට (11) දිනයේ අධිකරණයට තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු යොදා ඇත. රෙදිපිළි සාප්පුවක් පවත්වාගෙන ගිය මවුලවිවරයාට නගා තිබූ චෝදනා ඉවත්කර ඔහු නඩුවෙන් මුදා හැරීමටද පොලිසිය කටයුතු යොදාගෙන යයි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


Top Stories
wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

wedivistara

නව පාප් වහන්සේ තේරී පත්වීම සංකේතවත් කරන සුදු දුමාරය පිටවෙයි

wedivistara

කොට්ටාවේ වෙඩි තැබීමක්

wedivistara

හැම එකම අපේ ඇඟේ ගහලා, ඇඟ බේරගන්න ගිහින්, දැන් පේනවනේ මැතිවරණ ප්‍රතිඵල - නාමල්

wedivistara

මන්ත්‍රී අර්ච්චුනා​ව පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කෙරේ

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාකිස්ථානය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Trending
wedivistara

පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන ආකාරය ගැන පැහැදිළි කිරීමක්

wedivistara

ඉන්දියාවේ පළමු ප්‍රතිනැව්ගතකරණය කිරීමේ බහුකාර්ය වරාය විවෘත කෙරේ

wedivistara

TikTok සමාගමට යුරෝ මිලියන 530 ක දඩයක්

wedivistara

පාකිස්ථානය 08 වන දිනයටත් සටන් විරාමය උල්ලංඝණය කළ බවට ඉන්දියාවෙන් චෝදනා

wedivistara

නවක වද සිදුවීමක් සිදුව ඇත්නම්, අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න - සබරගමුව මහා ශිෂ්‍ය සංගමය

wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්


NEWS ALERT