Local

දැඩි උණුසුම නිවමින් ප්‍රදේශ රැසකට වැසි

Friday, 22 March 2024 - 8:08 am

පවතින දැඩි උණුසුම්කාරී වතාවරණය තරමක් සමනය කරමින් දිවයින පුරා බොහෝ ප්‍රදේශ රැසකට (21) දිනයේ වැසි ලැබිණි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් පැවසුවේ ඉදිරියේදී උණුසුම්කරී තත්ත්වය තවදුරටත් අවම වී වැසි තත්ත්වය පැවැතිය හැකි බවයි.

ඒ අනුව උතුරු, නැඟෙනහිර, උතුරු මැද, ඌව, මධ්‍යම, සබරගමුව පළාත් රැසකට වැසි ලැබී ඇති අතර දකුණු පළාතේ ගාල්ල, මාතර වැසි තත්ත්වයක් වාර්තා විය.

වතුපිටිවලට මි.මී. 84.5ක වර්ෂාපතනයක් හා අවිස්සාවේල්ලට මි.මී. 37.5ක වර්ෂාපතනයක් මෙන්ම බත්තරමුල්ලට මි.මී. 24.5ක් වාර්තා වී ඇත. එමෙන්ම අම්පාර මහ ඔයට මි.මී 42.0ක් ද වවුනියාවට මි.මී 33.1ක් ද මන්නාරමට 33.3ක් ද (21) පස්වරු 5.30 වන විට වාර්තා වී පැවතුණු බවද ඔහු පැවසීය.

මේ අතර කොළඹ හා ගම්පහ ප්‍රදේශ රැසකට ද (21) වැසි ලැබී තිබේ. පොලොන්නරුව දිස්ත්‍රික්කයට මාස තුනක සිට පැවැති දැඩි ඉඩෝරය නිම කරමින් (21) දිනය පුරා වැසි ලැබී ඇත. එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලටත් (21) දිනයේ වැසි ඇඳහැළී ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT