Local

මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද

Monday, 19 August 2024 - 7:15 pm

මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (19) පස්වරුවේ වීදි සංචාරය කරනවා.

පස්වරු 6.57ට යෙදෙන සුභ මුහුර්තියෙන් ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිත අතර ඉන්දිරාජා ඇතු පිටින් සධාතුක කරඬුව වැඩම කරවනු ඇති.

ශ්‍රී දළදා මාලිඟාව අබියසින් උතුරු දිශාභිමුඛව ගමන් ආරම්භ කරන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි.

අවසන් රන්දෝලි මහ පෙරහර ගෙවැදීමෙන් පසු සාධාතුක කරඬුව පසුදින දහවල් දක්වා අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන අතර සාධාතුක කරඬුව දළදා මාලිගාවේ වැඩසිටින කුටියෙන් පිටත ස්ථානයක තැන්පත් කෙරෙන එකම අවස්ථාව මෙය වන අතර එහි දී රැය පහන්වන තෙක් විශේෂ පුද සිරිත් ඉෂ්ඨ සිද්ධ කිරීම සිදු කරනු ලබනවා.

ගැටඹේ දියකපනා තොටේ දී දිය කැපීමේ මංගල්‍යය සිදු කිරීමෙන් පසු දේවාල පෙරහර හෙට (20) දින දහවල් මහනුවර සෙල්ව විනයාගර් කෝවිල අභියසින් ආරම්භ වීමට නියමිතයි.

දේවාල පෙරහර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය ඔස්සේ ගමන් ගෙන ආදාහන මළුව ගෙඩිගේ විහාරස්ථානයේ සිට ගමන් ආරම්භ කරන දළදා මාලිගාවේ පෙරහර සමඟ මහනුවර නගර සභා හන්දියේ දී සම්බන්ධ වන අතර අනතුරුව දවල් පෙරහර ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන මාලිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිනා කොට ගෙවැදීමට නියමිතව තිබෙනවා.

මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රී 10.00 සිට ස්වර්ණවාහිනීය ඔස්සේ නැරඹීමට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව හිමි වනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT