Business

බස්නාහිර පළාතේ ව්‍යවසායකත්ව කව අතර ප්‍රමුඛතමයා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය

Wednesday, 31 July 2024 - 12:55 pm

ව්‍යවසායකත්ව

පරපුරක් උදෙසා



කාර්මික සංවර්ධන මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව, පාසල් ව්‍යවසායකත්ව කව පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාතෙන් මූලික වශයෙන් පාසල් ගුරුවරුන් 150ක් තෝරා ගන්නා ලදි. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය ඉන් එකකි. දින දෙකක මූලික පුහුණුවක් ඒ අනුව ගුරුවරුන්ට ලැබිණ. එහි අත්දැකීම් සහිතව පැමිණි, රත්නාවලී බාලිකා විද්‍යාලයේ ව්‍යවසායකත්ව කව භාර ආචාරිණී තනුජා දිල්හානි මහත්මිය මුහුණ දුන් ඊළඟ අභියෝගය දිවයින පුරා පාසල්වලින් 5 ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සමතුන් ඇතුළු විභාග සමතුන් රැසකගෙන් සමන්විත මේ උසස් බාලිකා විද්‍යාලයේ ව්‍යවසායකත්ව කව පිහිටුවීමය.

එහෙත් එය සාර්ථක විය. ඒ, දිවයිනේ වැඩිම ව්‍යවසායකත්ව කව ගණනකට හිමිකම් කියන පාසල බවට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය පත් කරමිනි. ‘ව්‍යවසායකත්ව දැනුම සැබැවින්ම ප්‍රාග්ධනයකි. එය අනාගත අභිවෘද්ධිය පිණිස පමණක් නොව, එදිනෙදා වියහියදම් පියවා ගනිමින් මවුපියන්ට බරක් නොවී පාසල් ලිපි ද්‍රව්‍ය ආදිය සපයා ගැනීමේදීත් සුළු ව්‍යාපාරයක්, කර්මාන්තයක්, නිර්මාණයක් වෙළෙඳපොළ වෙනුවෙන් කිරීම මහඟු තෝරා ගැනීමකි. එවිට මෙරටට බලවත් අඩුපාඩුවක්ව පවතින ව්‍යවසායකයන්ගේ හිඟයට දිගු කාලීනව හෝ පිළියම් යෙදෙනු ඇත. ඒ රජයේ අපේක්ෂාවකි. දැනට 2.8%ක් පමණ වන මෙරට ව්‍යවසායන් 10% දක්වා ඉහළ නැංවා ගැනීමට ඒ අනුව නියමිතය. ව්‍යවසායකත්ව සංස්කෘතියක් බිහි කර ගත් විට ඉහළ අගයකින් රටකට ව්‍යවසායකයන් බිහි කර ගැනීම දුෂ්කර නොවේ…’



ව්‍යවසායකත්ව කව භාර, තනුජා ගුරුතුමිය විස්තර කළ මේ කරුණු හොඳින් වටහා ගත් සිසුවියන් 500කටත් වඩා වැඩි ගණනකගේ සහභාගිත්වයෙන් ගම්පහ රත්නාවලිය පාසල් ව්‍යවසායකත්ව කව 24ක් ඉකුත් වර්ෂයේ මැද භාගයේදී පිහිටුවන ලදි. එසේම, ජාතික රූපවාහිනිය, කර්මාන්ත අමාත්‍යාංශයේ ඉන්ඩස්ට්‍රි ටී. වී, මාධ්‍ය නාළිකා මඟින් රත්නාවලී බාලිකා විද්‍යාලයේ විවිධ ව්‍යවසායකත්ව ප්‍රවර්ධන ඉසව් සඳහා ප්‍රචාරක ඉඩහසර වෙන් කෙරිණ. සමස්ත ලංකා චිත්‍ර තරගාවලියට ද එය එසේමය. IDB ආයතනය විසින් සංවිධානය කරන ලද එම දීප ව්‍යාප්ත තරගාවලියේ ජයග්‍රහණ ලද සිසුවියන් අතර, සිත්මි රවිෂා ජයසේකර (රචනා), සුදානි නෙතුලිමා පෙරේරා (චිත්‍ර, ප්‍රථම ස්ථානය) තිසරි හිරන්යා රත්නායක (ප්‍රථම ස්ථානය, සුවිශේෂී ව්‍යවසායකත්ව හැකියාවන් පෙන්නුම් කිරීම) සමඟ IDB ආයතනය මඟින් කර්මාන්ත ණය ප්‍රදානය කළ, මනින්දි අනුදුලා බස්නායක, නතාෂි කාවින්ද්‍යා ආදී ශිෂ්‍යාවන් රැසක්ම ඒ අතර වෙති.

තවද, දීප ව්‍යාප්ත කෙටි චිත්‍රපට අංශයේ (සිංහල) ප්‍රථම ස්ථානය මේ විද්‍යාලයීය ව්‍යවසායකත්ව සංගමය මඟින් නිර්මාණය කරන ලද ‘නැවුම් හෙටක්’ කෙටි චිත්‍රපටයට හිමි විය. එහි රංගන දායකත්වය වෙනුවෙන් ඉඳුමිනි උදාරිකා ශිෂ්‍යාව ඇතුළු පිරිස ඇගයීමට ලක් වූහ.

තවද, පාසල තුළදීත් අලෙවිපොළ, ව්‍යවසායකත්වය පිළිබඳ දැනුවත් කිරීම්, විවිධ ව්‍යවසායකයන් ආදීන් හමුවී ඔවුන්ගේ අත්දැකීම් ඇසුරෙන් ආදර්ශ ලබා ගැනීමටත් මේ යටතේ සිසුවියන්ට අවස්ථාව ලැබිණ. පියවරෙන් පියවර රත්නාවලී බාලිකාවන් ව්‍යවසායකත්වය අතින් ඉහළට පැමිණියහ. expo – 2024 කර්මාන්ත ප්‍රදර්ශනය ඒ අතින් ඉතා වැදගත් සංධිස්ථානයකි. මැති, ඇමැතිවරුන්ගේ, විද්වතුන්ගේ නොමඳ පැසසුම් එහිදී රත්නාවලියේ නව නිපැයුම් බොහොමයකට ලැබිණ. ඉඳුමිණි උදාරිකා සිසුවිය නිෂ්පාදනය කරන අනර්ඝ කේෂ තෛලය එවැන්නකි. ඉවතලන ප්ලාස්ටික් පරිසරයට ඉතා හානිකරය. එහෙත් ඒවා ඉවත නොදමා නිෂ්පාදන අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගනිමින් විවිධ ආභරණ, පැලඳුම් නිපදවීමට යොමුවූ ශිෂ්‍යාවන්ට ද ඉතා ඉහළ ඇගයීම් ලැබී තිබේ. ඒ අනුව ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය පිළිබඳ දීප ව්‍යාප්ත තරගවලදී දිනුම් රැසක් රත්නාවලිය සතු විය. ඒ සියල්ල දෝත දරා ගත් රත්නාවලී විදුහල් මෑණියන් රටටම ආදර්ශයක් වන වග කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ පෙන්වා දීමකි.

තවද, මේ විද්‍යාලයේ ව්‍යවසායකත්ව කව භාරව කටයුතු කරන තනුජා දිල්හානි පාසල් ආචාර්යවරිය තවදුරටත් ඒ පිළිබඳ දක්වන අදහස් මෙසේය.

‘ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය ප්‍රකට පාසලක්. එම්.ජී.ආර්.ඩබ්.ආර්. කුමාරි මහත්මිය විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරනවා. එතුමියගෙන් ව්‍යවසායකත්ව කව වැඩසටහනට ඉතා ඉහළ සහයෝගයක් ලැබෙනවා. නිතරම එහි අභිවෘද්ධිය පිණිස කටයුතු කරනවා. පැරණි පොත් ගබඩාවක් පාසල් ව්‍යවසායකත්ව කව වෙනුවෙන් වෙන් කර දෙමින්, වඩා වැඩි උද්‍යෝගයකින්, කැපවීමකින් මේ කටයුතුවල යෙදෙන්නට එතුමිය ඉඩ සලසා දී තියෙනවා. ඉන්දියානු සංචාරයේදී මා අත්දුටු සරල පහසු නිපැයුම් අතර ගෘහස්ත කඩදාසි නිෂ්පාදනයත් වෙනවා. දැන් ඒ නිෂ්පාදන කටයුතුත් කෙරෙනවා. ඉදිරියේදී පාසලේ ආපන ශාලාවට අවශ්‍ය කඩදාසි එමඟින් නිපදවා ගැනීමට සැලසුම් කර තියෙනවා. කුඩා කඩදාසි මලු ආකර්ෂණීය නිමාවකින් යුතුව වෙළෙඳපොළට එක් කිරීමත් අපේ සිසුවියන්ගේ අපේක්ෂාවක්. බාලිකා පාසලක් වශයෙන් පාවහන්, අත් බෑග් ආදිය සහන මිලට සැපයීමත් එවැනි තවත් අපේක්ෂාවක්. ඉවතලන පෑන් පරිසරයට තවත් බාධාවක්. ඊට නිර්මාණශීලී විසඳුමක් අප විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් ඉදිරිපත් කර තියෙනවා. ඒවා අඩු මිලට අලෙවි කිරීමටත් කටයුතු කරනවා. විභාග සමත් වීම වගේම, හෙට ලෝකය සමඟ ව්‍යවසායකත්වය පෙරදැරි කරගෙන ගමනක් යෑමට අප සිසුවියන් දිරි ගැන්වීම විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ඇපකැපවී කටයුතු කරනවා. එහිදී කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ලැබෙන අතහිත සුවිශේෂයි. ව්‍යාපාරික ප්‍රජාව, ආදි සිසුවියන් ආදීන් නිතරම අපේ පාසලට සවිය දෙනවා…’

නුවන් මහේෂ් ජයවික්‍රම


Top Stories
wedivistara

ආණ්ඩුකාරවරුන්ට ජනපති දුන් උපදෙස

wedivistara

කොළඹ වරායේ බදු සහන හිමිවන අලුත්ම පිරිස

wedivistara

ශ්‍රී ලංකාවට චීනයෙන් රුපියල් කෝටි තුනක පරිත්‍යාග..

wedivistara

රනිල් හිටියා නම් IMF සිවු වැනි වාරිකයත් ගන්නවා..

wedivistara

ජනාධිපති අවබෝධයෙන් බොරු කියලා තියෙනවා.. ඒවායින් අපට හානි වුනා..

wedivistara

සහල් මිල ඉහල යාම කෘතිමයි.. මිල පාලනය ඉවත් කරන්නෑ..- ඩඩ්ලි, නිපුන හමුවී ජනපති කියයි..

Trending
wedivistara

අනුරට තනිවම රට හදන්න බෑ..- අගමැතිනි

wedivistara

පඩිය ලක්‍ෂයට වැඩි නම් බදු වාර්තා එවන්න.. අවසන් දිනය නොවැම්බර් 30…

wedivistara

ප‍්‍රදේශ රැසක ඌරන් මිය යයි.. ඌරුමස් කෑම අවදානම්..

wedivistara

අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියයි..- ආණ්ඩුකාර

wedivistara

මා ජනාධිපති වී ආර්ථිකය ස්ථාවර කලා..- ජනපති

wedivistara

අඩු කරපු විදුලි බිලට මොකද වුණේ ?


NEWS ALERT