Local

ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපති පිළිගන්න චීනය සූදානම්…

Friday, 13 September 2024 - 1:12 pm

එළැඹෙන මැතිවරණයෙන් පසු කවුරුන් ජනාධිපති ධූරයට පත් වුවද ඔවුන් සමඟ කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමට චීනය සාම විටම කැපවන බවත් චීනය තහවුරු කළේය.

කොළඹ වරාය නගරයේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කොළඹ චීන තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක Zhu Yanwei චීනය කිසිම රටක අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම් නොකිරීමේ ප්‍රතිපත්තිය අවධාරණය කරමින් කියා සිටියේ නව ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව යැයි ශ්‍රී ලංකා ගාර්ඩියන් වාර්තාවේ දැක්වේ.

“අපි කිසිම රටක ස්වෛරීභාවයට හෝ ඒකාග්‍රතාවයට බාධා කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරණයෙන් පසු කවුරු බලයට පැමිණියත්, නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට චීනය සූදානම්,” Zhu පැවසීය.

20 වැනි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිවාරයේ වැදගත්කම ගැන හඳුන්වාදීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මෙසේ සඳහන් කළේය.

දකුණු චීන මුහුදේ ආතතීන් සහ තායිවානය සම්බන්ධ තත්ත්වය පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චීන තානාපති Qi Zhenhong, එක් චීනයක් ප්‍රතිපත්තිය සඳහා ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සහයෝගය අගය කළේය.

“එක් චීනයක් ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාව අනුගත වීම සැමවිටම ප්‍රශංසනීයයි. එය අව්‍යාජ මිත්‍රත්වයේ ආත්මය පිළිබිඹු කරයි,” තානාපතිවරයා සඳහන් කළේය.

චීනයේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි ස්ථාවරය යළිත් අවධාරණය කළ ඔහු, “චීනයේ ස්වෛරීභාවයට වල කැපීමට ඇතැම් උත්සාහයන් දරන නමුත් එවැනි චේතනාවන් අපි කිසිවිටෙකත් නොඉවසමු.”

මෙම මාධ්‍ය හමුවේදී චීනය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳ දැනුවත් කරනු ලැබීය.

කොළඹ වරාය නගර ව්‍යාපෘති කළමනාකරු සංවර්ධන ප්‍රගතිය පිළිබඳ අදහස් දැක්වූ අතර, හම්බන්තොට වරාය ව්‍යාපෘති කළමණාකරු ඇතැම් විදේශීය මාධ්‍ය ආයතනවල “පක්ෂග්‍රාහී ආඛ්‍යාන” ලෙස විස්තර කළ ද වරායේ කැපී පෙනෙන වර්ධනයක් ඉස්මතු කරමින් කරනු දැක්වීය.

වාර්තාව මෙතනින්


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT