Local

ග්‍රාම නිලධාරි වැටුප් හා දීමනා ඉහළට

Wednesday, 22 May 2024 - 4:25 pm

මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, එය විශාල ජයග්‍රහණයක් බවත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පාර්ලිමේන්තුවේ දී  (22) අනාවරණ කළේය.

ඒ අනුව GN නමින් නව වැටුප් කේතයක් ග්‍රාම නිලධාරිවරුන් සඳහා හිමිවන අතර, අලුතින් එම සේවයට එක්වන ග්‍රාම නිලධාරිවරයෙකුගේ මූලික වැටුප රු. 28,940 සිට රු. 30,140ක් දක්වා ඉහළ යනු ඇත.

ග්‍රාම නිලධාරී සේවයේ 2 ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මූලික වැටුප රු.33,690 දක්වාත්, 3 ශ්‍රේණියේ අයෙකුගේ මූලික වැටුප රු.38,590ක් දක්වාත් ඉහළ යාමට නියමිතය.

අදාළ ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රු. 1000 සිට 2000 දක්වාත්, නගර සභා සීමාව තුළ රු. 1500 සිට 3000 දක්වාත්, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රු. 1500 සිට රු. 3000 දක්වාත් ඉහළ නංවා 2024.04.01 සිට ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මීට අමතරව අනෙකුත් නිල ඇඳුම්, ගමන්, සන්නිවේදන දීමනා වැඩි කිරීම සඳහා, 2025 අය-වැය පිළියෙළ කිරීමේදී, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර පියවර ගැනීමටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට නියම කර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, විෂය භාර කැබිනට් අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තමන් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති නියෝජිතයන් සමග අඛණ්ඩව සාකච්ඡා කරමින් මෙම ජයග්‍රහණය ග්‍රාම නිලධාරිවරුන් වෙත ලබාදීමට කටයුතු කළ බවය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිල මැදුරේදී 2024.05.20 දින පැවති සාකච්ඡාවේදී ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන්ට මෙම විසඳුම පිළිබඳ කරුණු පැහැදිලි කර ඇති බවද ඔහු කිය. ඒ අනුව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි මහජන සේවාවක් පවත්වාගෙන යාම සඳහා, ග්‍රාම නිලධාරී දීමනා ඉහළ නැංවීම පිළිබඳ 2024.03.11 අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය හිමිව ඇති බවද, අනන්‍ය වැටුප් තලයකට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද, ශ්‍රි ලංකා ග්‍රාම නිලධාරි සේවය ස්ථාපිත කිරීම සඳහා, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය(කෙටුම්පත), රජය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා මේවනවිට ඉදිරිපත් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අනුර දිසානායක මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, වැඩිදුරටත් කියා සිටියේ නව ග්‍රාම නිලධාරී පත්වීම් 1942ක් ලබාදීමද ලොකු ජයග්‍රහණයක් බවය.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT