Local

කුමන්ත්‍රණකරුවන්ගේ බේගල්වලට රැවටෙන්න එපා – ඇමති ප්‍රසන්න

Sunday, 21 January 2024 - 11:36 am

වර්තමානයේ පවතින ජීවන වියදම ඉහළයෑම මිනිස්සුන්ට දරා ගැනීමට අපහසු බව තමන් පිළිගන්නා බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ යුධ ගැටුම් හේතුවෙන් ලොව බොහෝ රටවල ජීවන වියදම ඉහළ ගොස් ඇති බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ හමුවේ ඉදිරියේදී රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයිද හෙතෙම සඳහන් කරයි. එබැවින් විපක්ෂයේ සහ කුමන්ත්‍රණකරුවන්ගේ බොරු බේගල්වලට නොරැවටෙන ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ගම්පහ ඔරුතොට ඇවිදින මන්තීරුව ප්‍රතිසංවර්ධනය සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට අද (21) එක්විය. ඒ එම ඇවිදින මන්තීරුව භාවිතා කරන පිරිසකගේ ඉල්ලීමකට අනුවය.

මෙම ඇවිදින මංතීරුව 2011 වසරේදී ආර්ථික අමාත්‍යාංශය හා ගම්පහ මහනගර සභාව එක්ව නිර්මාණය කර තිබේ.

මේ වනවිට එම මංතීරුව ප්‍රතිසංස්කරණය කළ යුතු බවට එය භාවිතා කරන ජනතාවගෙන් ඉල්ලීම් ලැබී තිබුණි.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් මෙහි ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ කිරීමට මෙහිදී තීරණය විය.


Top Stories
wedivistara

ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි

wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT