අගමැති ධුරයට පත් වූ පසු තම ජීවිතය එතරම්ම සරල නැතැයි අග්රාමාත්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
පහසුවෙන් ගමන් බිමන් යාම සඳහා තමන්ට හැකියාවක් දැන් නොමැති බවද ඇය සඳහන් කළාය.
තමන්ගේ ආරක්ෂක පිරිවර අඩු කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සමග සාකච්ඡාවක් කළ අවස්ථාවේ ඔවුන් ඊට වෙනස් මතයක් දැරු බවත් ඇය පැවසුවාය.
ශ්රී ලංකාව තවම ස්විට්සර්ලන්තය, නෝර්වේ හෝ ස්වීඩනය වැනි රටක් නොවන බව ඔවුන් පැවසූ බවත් ඇය සදහන් කලාය.
කොළඹදී පැවති උත්සව අවස්ථාවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.