Local

ඇමති සනත් නිශාන්තගේ අවසන් කටයුතු අද

Sunday, 28 January 2024 - 10:31 am

කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පස්වරුවේ ආරච්චිකට්ටුවේ දී සිදු කිරීමට නියමිතය

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ දී අද දහවල් 01ට අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

අවමංගල්‍ය සභාවේ කටයුතුවලින් අනතුරු ව දේහය රාජකදළුව කතෝලික සුසාන භූමිය වෙත පෙරහරකින් ගෙනගොස් භූමදානය කිරීමට නියමිතයි.

පසුගිය 25 වැනි දින අලුයම කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය වූ කන්ටේනර් රථයක රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ ජීප් රථය ගැටීමෙන් සිදුවූ අනතුරින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වූහ.

අනතුරින් මිය ගිය ආරක්ෂක නිලධාරියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මහනුවර – හෑදෙණිය – මරවනාගොඩ පොදු සුසාන භූමියේ දී ඊයේ පස්වරුවේ සිදු කෙරිණි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT