Local

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ලාංකික ධීවරයන් 06ක් පැහැරගනියි

Saturday, 27 January 2024 - 8:45 pm

කාර්ය මණ්ඩල සාමාජිකයන් හයදෙනෙකු සමඟ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අරාබි මුහුදේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක් වූ බව ධීවර දෙපාර්තමේන්තුව තහවුරු කර සිටියි.

මෙම බහුදින යාත්‍රාව පසුගිය ජනවාරි 12 වැනිදා හලාවත දික්ඕවිට ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇත.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 1160ක් පමණ ඔබ්බෙන් “ලොරෙන්සෝ පුතා – 4” නැමැති බහුදින යාත්‍රාවක් මෙම පැහැර ගැනීමට ලක්ව තිබේ.

මෙම පැහැර ගැනීම ශ්‍රී ලංකා ධීවර දෙපාර්තමේන්තුව සහ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් තහවුරු කර ඇත.

පැහැර ගැනීමට ලක්වූ ධීවරයින් මුදා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව බලධාරීන් ප්‍රකාශ කරයි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT