සියලුම මත්පැන් නිෂ්පාදකයන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද (02දා) සුරාබදු දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
මෙම සාකච්ඡාවේදී මත්පැන් නිෂ්පාදකයන් ව්‍යාජ ස්ටිකර් හෝ බලපත්‍ර නීති උල්ලංඝනය කිරීමක් කළහොත් ඔවුන්ගේ සුරාබදු බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ‘දිවයින’ට ඊයේ (01දා) පැවසීය. එමෙන්ම මේ වසරේ නොවැම්බර් 30 වැනිදාට පෙර 2023 සහ 2024 වර්ෂවලට අදාළ හිඟ බදු සමග සුරාබදු ගෙවන ලෙස ඔවුන් දැනුවත් කරන බවද ඒ මහතා කීය.
මත්පැන් නිෂ්පාදකයන්ට පමණක් නොව, සුරාබදු නිලධාරීන් හෝ නීතිවිරෝධී කටයුත්තක නිරත වුවහොත් ඔවුන්ට එරෙහිව ආයතන සංග්‍රහය යටතේ විනයානුකූලව කටයුතු කරන බවට නිලධාරීන් දැනුවත් කර තිබෙන බවද ගුණසිරි මහතා පැවසීය.