International

උතුරු කොරියාව දකුණු දේශසීමා දෙසට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරයි

Friday, 05 January 2024 - 4:07 pm

උතුරු කොරියාව සිය බටහිර වෙරළට ඔබ්බෙන් දකුණේ Yeonpyeong දූපත දෙසට කාලතුවක්කු ප්‍රහාර 200 කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බව සෝල් හමුදාව පවසා තිබෙනවා

ඉන්පසුව, දකුණු කොරියාව තමන්ගේම සජීවී ගිනි අභ්‍යාස පැවැත්වීමට පෙර සිවිල් වැසියන්ට නිවෙස්වලින් ඉවත් නොවන ලෙසටද නියෝග කර තිබෙනවා

2010 දී, උතුරු කොරියානු කාලතුවක්කු විසින් Yeonpyeong දූපතට කිහිප වතාවක් වෙඩි තබා පුද්ගලයන් හතර දෙනෙකු මරා දැමූ බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කරනු ලැබුවා

එරට ප්‍රාදේශීය වේලාවෙන් 09:00 සිට 11:00 දක්වා වූ වෙඩි තැබූ කාලතුවක්කු උණ්ඩ දකුණු කොරියානු භූමියට ඇතුළුනොවූ බවත් දෙරට අතර ස්වාරක්ෂක කලාපයට එය ළඟාවූ බවත් පැවසෙනවා .

දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් කියා සිටියේ මෙම සිදුවීමෙන් ජනතාවට හෝ හමුදාවට කිසිදු හානියක් සිදු නොවූ බවයි

නමුත් මෙම ක්‍රියාව කොරියානු අර්ධද්වීපයේ සාමයට තර්ජනයක් වන අතර ආතතිය වැඩි කරන බවද සඳහන් කර තිබෙනවා


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT