Local

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඇරඹේ.

Thursday, 15 February 2024 - 8:24 pm

  • මාර්තු 15ට පෙර අයදුම් කරන්න.
  • අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්යයි.
  • පළමු අදියරේ සුදුසුකම් නොලැබූවන්ට තොරතුරු නැවත සනාථ කිරීමට අවස්ථාවක් ළඟදීම.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්‍රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමිවන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පැවසීය.

අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් යොමු කර නොමැති පවුල්වලට මෙන්ම අයදුම්පත් ඉදිරිපත් කළ නමුත් නිවාස තොරතුරු සංගණනයට ලක් නොවූ ඕනෑම තරාතිරමක පුද්ගලයකුට අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවන බවද ඒ මහතා සඳහන් කළේය.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මෙම අදහස් පළ කර සිටියේ අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (15) පැවති මාධ්‍ය හමුවේදීය.

අස්වැසුම දෙවැනි අදියරේදී පවුල් ලක්ෂ 24කට ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂිත අතර එහිදී හැකිතාක් සත්‍ය හා නිවැරදි දත්ත ඇතුළත් අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කළ හැකි බව පෙන්වා දුන් ඒ මහතා නිශ්චිත කාල රාමුව තුළ අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් දෙවැනි අදියර සඳහා අයදුම් කිරීමේ දී අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බවද සඳහන් කළේය.

ඒ අනුව ජාතික හැඳුනුම්පත් නොමැති අයදුම්කරුවන්ට කඩිනමින් හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක කෙරේ.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් කිරීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙන්ම ග්‍රාම නිලධාරීවරයා හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කළ හැකි අතර www.wbb.gov.lk වෙබ් අඩවිය ඔස්සේ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තම අයදුම් පත සම්පූර්ණ කළ හැකි වේ.

මාර්ගගතව අයදුම් කළ නොහැකි පිරිස් සඳහා ආදර්ශ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ සිවිල් සංවිධාන හරහා ලබා ගත හැකිය. මෙම ඉල්ලුම්පත් කිසිසේත්ම මිලදී ගැනීමට අවශ්‍ය නොවේ.

පළමු අදියර සඳහා අයදුම් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් නොලැබූවන්ට මෙන්ම අභියාචනා පරීක්ෂණ සඳහා සහභාගී නොවූවන්ටද තොරතුරු නැවත සනාථ කිරීමට (Recertification) අවස්ථාවක් ඉදිරියේදී ලබා දෙන බව මෙහිදී අවධාරණය කෙරිණි. අස්වැසුම පිළිබඳ වැඩි විස්තර 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබා ගත හැකිය.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සාමාජිකයන් වන එච්. ටී. කේ පත්මසිරි, කුමාර් දුනුසිංහ, කේ. එච්. ජේ මුලර්, ආර්. අනීස්, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අතිරේක කොමසාරිස් (මෙහෙයුම්) ආර්. ආර්.ආර්. රාජපක්ෂ, අතිරේක කොමසාරිස් ( මූල්‍ය) ඊ. ඒ. වීරසේන යන මහත්ම මහත්මීහු මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT