Local
මගේ අම්මයි තාත්තයි හොඳ සල්ලිකාරයෝ - මහින්දානන්ද
Wednesday, 06 December 2023 - 8:12 pm
එංගලන්තයේ ගෙවල් ඇති බවට පැවරූ නඩුවෙන් තමා නිදොස් කොට නිදහස්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
විපක්ෂ මන්ත්රීවරුන් විසින් එල්ල කළ චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්රීවරයා සඳහන් කළේ, තමන්ට ඇති වත්කම් සම්බන්ධයෙන් වත්කම් බැරකම් ප්රකාශ මඟින් ප්රකාශයට පත්කර ඇති බවයි.
තමාගේ පියාට තේ කර්මාන්ත ශාලා 4 ක් පැවති බවත්, තමාගේ මවත්, පියාත් පොහොසතුන් බවත්, තමන් වසරකට ලක්ෂ 25 ක ආදායම් බදු ගෙවන අතර තමන් දේශපාලනයෙන් මුදල් ඉපැයීමක් සිදු නොකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.