පසුගිය කාලයේ සිදු වූ ආන්දෝලනාත්මක ඖෂධ මිල දී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ආරම්භ කර තිබේ.
දැනට සිදු කළ විමර්ශනවලදී රුපියල් මිලියන 300ක පමණ මුදලක් අයථා ලෙස පරිහණය වී ඇති බව හෙළිව ඇති බවත්, මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවත් කොමිසම පැවැසීය.
මේ සිදුවීමට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනකුට චෝදනා එල්ල වී තිබේ.