Local

විදුහල්පති ගැටලු‍වලට විසඳුම් – අමාත්‍යාංශ කමිටු වාර්තාව එළි දකී

Thursday, 25 January 2024 - 11:09 pm

විදුහල්පති සේවයේ මෙතෙක් නොවිසඳී පැවැති ගැටලු‍ විසඳීමට සහ එම සේවාවේ වෘත්තීය ස්වභාවය උසස්කොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදෙන ලදී.

මෙම වාර්තාවෙහි ප්‍රධාන කරුණු හයක් ඔස්සේ ගැටළු අධ්‍යයනය හා අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇත. විදුහල්පති සේවාව පිළිගත් වෘත්තීයක් ලෙස දියුණු කිරීම, විදුහල්පති සේවය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සැකසීම, සේවා ව්‍යවස්ථාව සංශෝධනය කර අනාගතයට සුදුසු පරිදි ව්‍යුහගත කිරීම, විදුහල්පති කාර්යභාරය, වගකීම් හා වගවීම්. විදුහල්පතිවරුන්ගේ වැටුප් දීමනා වරප්‍රසාද හා කුසලතා වර්ධනය සඳහා අවස්ථා සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය යන කරුණු මීට ඇතුළත් ය.

දැනට 16,000කට අධික නිලධාරීන් පිරිසක් සිටින විදුහල්පති සේවයේ iii, ii, i ශ්‍රේණිවලට අයත් විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති හා උප විදුහල්පතිවරුන්ගේ සේවා අභිවෘද්ධිය හා පාසල් පද්ධතියේ නව අවශ්‍යතා සලකා විදුහල්පති අධිශ්‍රේණියක් ඇති කිරීමට නිර්දේශ කොට ඇත. වැටුප් සංශෝධන හා වැටුප් විෂමතා ඉවත් කිරීම, විදුහල්පති දීමනාව රුපියල් 6000.00 සිට රුපියල් 15000.00 දක්වා වැඩි කිරීම, රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ලැබෙන සන්නිවේදන ගමන් වියදම් වාහන නිවාස ඇතුළු ප්‍රතිලාභ රැසක් සඳහා සහන හා දුෂ්කර පළාත්වල විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාව ලබාදීම මෙම කමිටු නිර්දේශ අතර වේ.

මෙම කමිටු නිර්දේශ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මගින්ද සේවා ව්‍යවස්ථා සංශෝධනය මගින්ද අමාත්‍යාංශ චක්‍රලේඛ හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ද ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සමිති නියෝජිතයින් හා අධ්‍යාපන නිලධාරීන්ගේ රැස්වීමේදී ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම කමිටුවෙහි හිටපු ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන එම් ඒ ධර්මදාස, පද්මා, සිරිවර්ධන හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත, විශ්‍රාමික ගණකාධිකාරී එස් ඩබ්ලිව් ගමගේ යන මහත්ම මහත්මීන් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කරන ලදී .
එළඹෙන පෙබරවාරි 01 දින සිට අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය (www.moe.gov.lk) මගින් මෙම වාර්තාව ප්‍රකාශයට පත් කෙරේ.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT