Local

ගුණාත්මක මාධ්‍ය පරපුරක් බිහි කිරීමට “Kaleidoscope 2024 Screen media for Gen-Z” වැඩසටහන ඇරඹේ

Thursday, 21 March 2024 - 7:50 am

පාසල් සිසුන්ට විවිධ මාධ්‍ය භාවිතයන් පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් ලබා දීමේ අරමුණින් ජනාධිපති මාධ්‍ය අංශය මඟින් ක්‍රියාත්මක කරන “Kaleidoscope 2024 Screen media for Gen-Z” මාධ්‍ය වැඩසටහන (20) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී ආරම්භ කෙරිණි.

ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, ජනාධිපති මාධ්‍ය අංශය, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන, විද්වතුන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු නියෝජිතයන්ගෙන් සමන්විත උපදේශන මණ්ඩලයක් සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

මෙහි පළමු අදියර සඳහා සක්‍රීය මාධ්‍ය ඒකක සහිත පාසල් 31කින් සිසුන් 158 ක් තෝරාගෙන ඇති අතර, සතියකට එක් දිනය බැගින් සති 16ක වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.

Unilever ලංකා සමාගම, SLIT අධ්‍යාපන ආයතනය සහ Lanka IOC සමාගම මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙයි.

වැඩසටහන ආරම්භ කරමින් එහි පළමු අදියර ලෙස මාධ්‍ය පසුබිම පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුධීර නිලංග විතාන, ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරුන් වන විශේෂඥ ඉංජිනේරු ස්ටැන්ලි හෙට්ටිආරච්චි සහ නදීරා මඩුගල්ල යන මහත්ම මහත්මීන් විසින් සිදු කරන ලදී.

එමෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදී උදම් සතරසිංහ, ප්‍රවීණ කලාකරු සුදත් දේවප්‍රිය, ජාතික අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අංශයේ හිටපු ප්‍රධානි බන්දුල පී. දයාරත්න යන මහත්වරු සම්පත් දායකයන් ලෙස විශේෂ දේශන පැවැත්වූහ.

මෙම වැඩසටහනේ දෙවන අදියර යටතේ කුසලතා දක්වන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ සිසුන්ට දින 06ක වැඩිදුර අධ්‍යාපනයක් ලබා දීම සිදු කෙරෙන අතර විද්වත් ආචාර්යවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් විසින් එය මෙහෙයවනු ලබයි.

මෙරට සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන ද මෙම වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර වැඩසටහනට එක්ව සිටින සිසුන්ට එම මාධ්‍ය ආයතනවලට ගොස් දින දෙකක කාලයක් එහි ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට ද අවස්ථාව සලසා තිබේ.

ඕනෑම මාධ්‍යවේදියෙකු තමන්ගේ සන්නාමය සහ අළෙවිකරණය පිළිබඳ අවබෝධයක් ලැබිය යුතු හෙයින් ඒ සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ ඉහළම අත්දැකීම් ඇති ආයතන පරිශ්‍ර තුළ එම අත්දැකීම ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර අද පවතින ලෝකයට පමණක් නොව නව්‍යතාව සමඟ අනාගත ලෝකයට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ද මෙම වැඩසටහන මඟින් සිසු දරුවන්ට ලබා දීමට නියමිතය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT