Local

ගිනිගත්හේන මැදි විදුහලේ සිසුහු මෝටර් රථයක් නිපදවති

Friday, 12 April 2024 - 8:10 pm

හැටන් අධ්‍යාපන කලාපයට අයත් ගිනිගත්හේන මැදි මහා විදුහලේ 13 ශ්‍රේණියේ ඉංජිනේරු තාක්ෂණය හදාරන සිසුන් කණ්ඩායමක් විසින් මෝටර් රථයක් නිපදවා තිබේ.

ගිනිගත්හේන මැදි විදුහලේ ඉංජිනේරු තාක්ෂණ විද්‍යා ආචාර්ය ඉන්දික කාරියවසම්ගේ මඟපෙන්වීම යටතේ ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව හදාරන කළණ කෞශල්‍ය සිසුවාගේ නායකත්වයෙන් යුත් සිසුන් කණ්ඩායමක් විසින් එම මෝටර් රථය නිපදවා තිබෙන අතර එම රථය ජීසියන්ස් බ්ලැක් බුලට්(Gcianz Black Bullet) ලෙස නම් කර ඇත.

තම විදුහලේ ශිෂ්‍ය කණ්ඩායමක් මෙවැනි මෝටර් රථයක් නිපදවූ ප්‍රථම අවස්ථාව මෙය බවද එම මෝටර් රථය නිපදවු කණ්ඩායමේ නායක කළණ කෞශල්‍ය සිසුවාට මෝටර් රථ කාර්මික ශිල්පය පිළිබද විශේෂිතවූ දැනුමක් හා හැකියාවක් තිබෙන බවද ගිනිගත්හේන මැදි විදුහලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් පැවසීය.

මෙයට පෙර තෝරාගත් දිවයිනේ නව නිපැයුම් කරන ලද පාසල් සිසුන් 10දෙනා අතර ද ගිනිගත්හේන මැදි විදුහලේ සිසුන් දෙදෙනකු ද ඇතුළත් බවත් තම විදුහලට ද කිර්තියක් ගෙනෙමින් එවැනි සිසුන්ගේ නිර්මාණශීලී දක්ෂතා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දෙන බවද එම විදුහල්පතිවරයා සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT