Local

ආර්ථික ඔස්තාර්ලා කියූ මාලිමාවට මුදල් ලේකම්, මහ බැංකු අධිපති කරන්න කිසිවෙක් නෑ.. ඒ දෙන්නම රනිල්ගේ..

Saturday, 09 November 2024 - 10:36 am

‘ජාතික ජන බලවේගයට මුදල් අමාත්‍යංශයට දාන්න ලේකම් කෙනෙක් හිටපු නැති නිසාම අර රනිල් වික්‍රමසිංහගේ ආර්ථික මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ගන්න උනා’ යයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත යාපාබණ්ඩාර මහතා පවසයි.

මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය.

අපිට පේනවා ජනාධිපතිවරණයෙන් පස්සේ ලංකාවේ ජාතික ජන බලවේගය නියම යථාර්ථය පිළිබිඹු කරමින් පවතිනවා. ජනාධිපතිවරණයෙන් උද්දාමයට පත්වෙලා මහජන බලය තමන් වරදාන වරප්‍රසාද මේ රටේ ජනතාවට ලබා දෙනවා කියලා මේ ජාතික ජන බලවේගය ජනාධිපතිවරයෙක් බිහි කරගත්තට පස්සේ නිශාන්ත මුතුහෙට්ටිගමලා, සනත් නිශාන්තලා පිළිබඳව නිර්දය විවේචනය කරපු ලාල් කාන්තලා අද කියනවා ලයිසන් චන්ඩි විදියට අපි හැසිරෙන්නේ කියලා. ඒ ගැන තමන්ට ජනාධිපතිවරණයේදී ලයිසන් එකක් ලැබිලා තියෙනවා

මේ රටේ පොලිස් නිලධාරීන් අපහසුතාවයට පත් කරන්න දැවැන්ත විවේචනයක් ඔවුන්ට එරෙහිව එල්ල කරනවා. කටවුට් එකක් ඉවත් කරා කියලා, පෝස්ටර් එකක් ඉවත් කරා කියලා පහුගිය කාලේ අපි දැක්කා ජනාධිපතිවරණයට කලින් බලයක් නැතුව වස්ගෙවත්ත අපේ විජයනායක සහෝදරයට කෝල් එකක් ලැබෙනවා වස්ගෙවත්ත වැටලීම් අංශයේ ප්‍රධානියා තමුන් ගැන අපි බලාගන්නම් කියලා.

අපි කියනවා මේ රටේ රාජ්‍ය නායකත්වයට ගෙනාපු ජාතික ජන බලවේගයට චන්දෙ දීපු අය බලාපොරොත්තු වෙන්නේ තවත් සනත් නිශාන්තලද, තවත් බලාපොරොත්තු වෙන ලාල් කාන්තලගෙන්, නිශාන්ත මුතුහෙට්ටිගමලද. එනිසා මේ රටේ පරිවර්තනයක් බලාපොරොත්තු වෙන ජාතික ජන බලවේගයේ තරුණයින්ට අපි කියනවා මේ රටේ නීතිය අතට අරගෙන තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා මේ රටේ රාජ්‍ය නිලධාරීන් වේවා, පොලිස් නිලධාරීන් වේවා, නගර සභා නිලධාරීන් වේවා, නිලධාරීන්ට රාජකාරි කිරීමට එරෙහිව තමන්ට අභියෝගයක් වෙන නිලධාරීන් දඬු කඳේ ගහන දහස් ගණන් මහජනතාව ඉදිරියේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ කට මැද දොඩවන ලාල්කාන්තලා බැඳලා දාන්න කියලා අනුර කුමාරට අපිට කියන්න වෙලා තියෙනවා.

අද මේ රටේ ආණ්ඩුවට කිසිඳු වැඩපිළිවෙළක් නැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා. අපිට පේනවා පහුගිය කාලයේ ජාතික ජන බලවේගයට විදියට මේ අය ආණ්ඩුවක් ලබාගත්තට මේ අයට කිසිඳු වැඩපිළිවෙළක් තිබිලා නැහැ ආණ්ඩුව තමන් අතට ආවට පස්සේ කොහොමද ආර්ථිකය මෙහෙයවන්නේ කියලා. පසුගිය කාලයේ ආර්ථික ඔස්තාර්ලා ජාතික ජන බලවේගයෙන් ඇවිල්ලා කිව්වා අපිට වැඩපිළිවෙළක් තියෙනවා මේ රටේ ආර්ථිකය ගොඩදාන්න කියලා.

ජාතික ජන බලවේගයට මුදල් අමාත්‍යංශයට දාන්න ලේකම් කෙනෙක් හිටපු නැති නිසාම අර රනිල් වික්‍රමසිංහගේ ආර්ථික මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ගන්න උනා. මහින්ද සිරිවර්ධන ආනනය කරේ ඇයි අනුර දිසානායකලගේ ආණ්ඩුවට ආර්ථිකය මෙහෙයවන්න හරිහමන් කෙනෙක් හිටියේ නෑ . කවුද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යවලා තියෙන්නේ. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යවලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ නන්දලාල් වීරසිංහ මහ බැංකුවේ අධිපති. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන. පහුගිය රනිල් වික්‍රමසිංහ පාලනයේ IMF දිගුවක් තමයි මේ අය ක්‍රියාත්මක කරන්නේ. අද අනුර කුමාර දිසානායක පොඩි රනිල්ගේ චරිතය ඉතාම ලස්සනට රගපාමින් ඉන්නවා

අපි අනුර කුමාර ජනාධිපතිවරයාට කියනවා අතුරු සම්මත ගිණුම් දාන්න උත්සාහකරන්නේ නැතුව නිසි අයවැයක් ඉදිරිපත් කරන්න කියලා.

පහුගිය කාලයේ ජනමාධ්‍ය නිදහස පිළිබඳව කටමැද දොඩවපු ජාතික ජන බලවේගයේ දැවැන්ත පිරිසක් කලාකරුවෝ විද්වතුන් එකතු වෙලා කිව්වා රටේ ජනමාධ්‍ය නිදහස සහතික කරන්න ඕන කියලා.

අද මොකක්ද විජිත හේරත්ලා කියන්නේ, විජිත හේරත් කියනවා ජනමාධ්‍ය නිදහස් වල්බූරු නිදහසක් ලෙස පාවිච්චි කරන්න එපා කියලා. අපි කියනවා මේ විජිත හේරත් ලා ඉතිහාසයේ කියපු කතා දැන් එක තැන පල්වෙමින් ඔද්දල් වෙමින් බිඳවැටෙමින් පවතිනවා. ඒ නිසා විජිත හේරත්ලට මතක් කරනවා ජනමාධ්‍ය නිදහස පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් මේ රටේ ජනමාධ්‍යවේදීන් පිළිබඳව කතා ඉදිරිපත් කරමින් පහුගිය කාලයේ මේ අය කටයුතු කළේම රටේ ජනමාධ්‍ය නිදහස පිළිබඳව ඉටුදෙවියන් සේ ජාතික ජන බලවේගයෙන් ලබාදෙනවා කියලා. අපි දන්නවා රිචඩ් ද සොයිසලා පෙන්නලා, පහුගිය කාලේ ජනමාධ්‍යවේදීන් පෙන්නලා මේ කට්ටිය කියපු කතා අද සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ වෙලා තියෙනවා. ඒ නිසා ජනමාධ්‍යට අත තබන්න උත්සාහ ගෙන විජිත හේරත්ලට කියනවා සමාජ මාධ්‍යයට අතබන්න උත්සාහ කරන, විජිත හේරත්ලට කියනවා කරුණාකරලා තමන් ඉතිහාසය කියපු කතා යලි සිහිගන්වන්න කියලා.


Top Stories
wedivistara

වැලිවේරියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

wedivistara

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

අපරාධ සැකකරුවකුගේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමේ බලපෑම

wedivistara

පොලිස්පති ඉන්න තැන ගැන නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා කිව්වානේ, ඇයි අපෙන් අහන්නේ? - නාමල්

wedivistara

අද කාලගුණ නි‍වේදනය

Trending
wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

දේශබන්දුයි, සෙව්වන්දියි ඉන්න තැන වටගල දන්නවා නම්, ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? - අජිත් පී. පෙරේරා

wedivistara

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ වාහන දුම් පරීක්ෂා කිරීම සම්බන්ධ වැටලීම් අද සිට

wedivistara

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි


NEWS ALERT