Local

ආරක්කු නවය පාලම ඉන්දීය චිත‍්‍රපටයක් හදන්න දෙයි.. උඩරට දුම්රිය මගට පමණයි

Wednesday, 09 October 2024 - 10:42 am

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉඳිපොළගේ මහතා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව හෙට (09) සිට ඔක්තෝබර් 15 වන දින දක්වා ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත අදාළ රූපගත කිරීම සිදුකරයි.

එම නිසා ඉහත දිනයන්හි පෙ.ව 7.30 සිට ප.ව 5.30 දක්වා කාලය තුළ කොළඹ කොටුව සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර පමණක් කරනු ලබන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

හෙට (09) දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවන සැලසුම,

01. කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1005 (පොඩි මැණිකේ) දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.

02. ඔක්තෝබර් 10,11,12 සහ 13 යන දිනයන් හිදී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත 'ඔඩිසි' දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.

03. ඔක්තෝබර් 11,12,13 සහ 14 යන දිනයන් හිදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත 'ඔඩීසි' දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අතර, එම දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාව වන පෙ.ව.08.55ට පිටත් වේ.

04. බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත අංක 1006 (පොඩි මැණිකේ) දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අතර, එම දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාව වන පෙ.ව.09.40 ට පිටත් වේ.

05. බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත අංක 1008 දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගමින් ආරම්භ කරන අතර, එම දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාව වන පෙ.ව.11.15ට පිටත් වේ.

06. මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1126 දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.

07. බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත අංක 1596 දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අතර, එම දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාව වන පෙ.ව. 13.15ට පිටත් වේ.

ඇල්ල දුම්රිය ස්ථානයෙන් සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන දුම්රියන් සඳහා එම ගමන් අවසන් කරන දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ඉදිරි දුම්රිය ස්ථානයන් වෙත ගමන් කිරීම සඳහා බස්රථ යෙදවීමට කටයුතු සැලසුම් කර ඇති බව ද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉඳිපොළගේ මහතා දැනුම්දී තිබේ.

ඇල්ල සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයන්ගෙන් ගමන් ආරම්භ කිරීම සදහා *සුම්කර ඇති දුම්රියන්වල ගමන් කිරීමට නියමිත, බදුල්ල සහ අතරමැදි දුම්රිය ස්ථානවල සිට ගමන් කරන මගීන් සඳහා අදාළ දුම්රියන්ගෙන් ගමන් කළ හැකි වන පරිදි සම්බන්ධිත බස් රථ පහසුකම් ලබාදීමට ද කටයුතු සැලසුම් කර ඇති බව ද ඒ මහතා තවදුරටත් දන්වා ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT