Local

එළවළු මිල යළි ඉහළට

Monday, 10 June 2024 - 8:32 am

එළවළු මිල යළි ඉහළ යමින් පවතින බව කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ කියති.

වැලිමඩ සහ ඌව පරණගම ඇතුළු එළවළු වගාවන් සිදු කරන ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරා පැවැති වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එළවළු වගාව විනාශ වීම හේතුවෙන් මෙලෙස එළවළු මිල ඉහළ යමින් පවතින බව ද ඔවුහු පවසති.

කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග වෙළෙන්දකු වන මනෝජ් ප්‍රසංග (කැප්පෙටිපොළ මංජු ) මෙසේ පැවැසීය.

“පසුගිය දින කිහිපයේ මේ ප්‍රදේශයට අධික වර්ෂාවක් සහ සුළං තත්ත්වයක් පැවතුණා. මේ නිසා ගොවීන් වගා කර තිබු එළවළු වගාවල අස්වනු විනාශ වුණා. ගොවීන් මහත් පරිශ්‍රමයක් දැරුවත් අස්වනු විනාශ වීම නවතා ගන්න ඔවුන්ට බැරි වුණා. ඒ නිසා දැනට කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් ගේන එළවළු තොග ප්‍රමාණය ගොඩක් අඩු වෙලා. ඒ නිසා පිට පළාත්වල වෙළෙඳුන්ට අවශ්‍ය ප්‍රමාණයට එළවළු නැති නිසයි මේ මිල ඉහළ ගිහින් තියෙන්නේ. මිල මෙසේ ඉහළ ගියත් ගොවීන්ට වාසියක් නෑ. ඔවුන්ගේ වගා විනාශ වීම නිසා ඔවුන්ට ලැබෙන අස්වනු ප්‍රමාණය අඩුයි. වගාවලට වියදම් කළ මුදලවත් පියවා ගන්න බැරිව ඔවුන් පීඩාවට පත්වෙලා. මේ මිල ඉදිරියේදී තවත් ඉහළ යයි කියලා තමයි අපට හිතෙන්නේ.

කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මේ වන විට බෝංචි කිලෝවක තොග මිල රුපියල් 400ත් – 450ත් ද, ගෝවා කිලෝවක් රුපියල් 500ත් – 800ත් ද, ලීක්ස් කිලෝවක් රුපියල් 400ත් – 450ත් ද, බීට් කිලෝවක් රුපියල් 280ත් – 320ත් ද, අමුමිරිස් කිලෝවක් රුපියල් 250ත් – 300ත් ද, කැරට් කිලෝවක් රුපියල් 280ත් – 300ත් ද, නෝකෝල් කිලෝවක් රුපියල් 300ත් – 320ත් ද, තක්කාලි කිලෝවක් රුපියල් 300ත් – 320ත් ද, මාළු මිරිස් කිලෝවක් රුපියල් 350ත් – 400ත් ද අතර මිල ගණන් පවතිනවා.“

ආර්. රාජමන්ත්‍රී – වැලිමඩ සමූහ


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT