Local

පොහොර මිල වැඩි වෙන්නේ නෑ: යල කන්නයට ප්‍රමාණවත් පොහොර තිබෙනවා -කෘෂිකර්ම අමාත්‍යාංශය

Tuesday, 06 May 2025 - 6:47 pm

යල කන්නය සඳහා පොහොර ප්‍රමාණවත්ව තිබෙන අතර පොහොර මිල ගණන් ඉහළ යෑමක් සිදු නොවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කරයි.
පොහොර මිල සම්බන්ධයෙන් විශේෂ දැනුම්වත් කිරීමක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (02) ගොවිජන මන්දිරයේදී පැවැත්වුණු අතර, පෙර පැවති මිලටම යල කන්නය සඳහා ගොවීන්ට පොහොර ලබාදීමට එහිදී පොහොර සමාගම් සිය එකඟතාව පළ කර තිබේ.
මෙහිදී යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි පොහොර සමාගම් සන්තකයේ පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් තහවුරු කර ගන්නා ලදි. යල කන්නය සඳහා පොහොර අවශ්‍ය පරිදි තිබෙන බවත් විශේෂයෙන් TSP පොහොර මෙන්ම ප්‍රධාන වශයෙන් භාවිත කරන යූරියා පෙර පැවති මිල ගණන් යටතේ පවත්වාගෙන යන බවත් පොහොර සමාගම් මෙහිදී කරුණු අනාවරණය කළේය.
මේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය පොහොර සංස්ථාවේ සභාපති තිලක් චන්ද්‍රකුමාර සේතුගේ මහතා සඳහන් කළේ, මෙම යල කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර තොග රට තුළ පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය මඟින් තහවුරු කර ඇති බවයි.
රාජ්‍ය පොහොර සංස්ථාව සතුව TSP පොහොර මෙට්‍රික් ටොන් 600ක් පවතින අතර, රට තුළ පවතින මුළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3200කට ආසන්න වන බවත් MOP පොහොර යල කන්නයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඇති බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය. රාජ්‍ය පොහොර සංස්ථාව සතුව MOP පොහොර ටොන් 15,000ක් සහ මුළු ප්‍රමාණය ටොන් 69,000කට ආසන්න වන බව ද සභාපතිවරයා කීය. යූරියා පොහොර මෙට්‍රික් ටොන් 60,000ක් රට තුළ පවතින බවත් තම සමාගම සතුව මෙට්‍රික් ටොන් 4000ක් ඇති බවත් එයට අමතරව යූරියා පොහොර තවත් මෙට්‍රික් ටොන් 5000ක් ඉදිරි සතියේදී මෙරටට ලැබීමට නියමිත බවත් සභාපතිවරයා සඳහන් කළේය. එබැවින් පොහොර හිඟයක් පවතින බවත් පොහොරවල මිල වැඩි වන බවටත් සංසරණය වන ව්‍යාජ පුවත්වලට නොරැවටෙන්නැයි තමන් ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT