Local

ඇතිවෙන්න ඉන්ධන, ගෑස් දෙනවා.. විදුලිය 30%කින් බස්සනවා.. හොදටමට දුප්පත් අයට 17500ක් දෙනවා..- අනුර

Wednesday, 18 September 2024 - 9:09 am

ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඉන්ධන විදුලිය ගෑස් කිසිදු හිගයකින් තොරව අඛණ්ඩව සපයන බව ජාතික ජන බලවේගගේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එමෙන්ම අධ්‍යාපනය ආහාර සෞඛ්‍ය සඳහා ඇති වැට් බද්දද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවත් හැකි ඉක්මනින් විදුලි බිල 30%කින් පහල දමන බවත් ඔහු පවසයි.

ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

“ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා ඇතුළු කරලා තියෙන වැට් බද්ද මුළුමනින්ම අයින් කරනවා. විදුලි බිල ඉතා කෙටි කාලයක් ඇතුළත අඩු කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. ජීවත්වෙන්න අපහසුකම් තියෙන පවුල්ටික තෝරලා රුපියල් 10,000ක්, අමාරුම කෙනාට රුපියල් 17,500ක් දක්වා ගෙවන්න කටයුතු කරනවා.

ඒගොල්ලෝ ආණ්ඩු හදන්නේ බෙදාගන්න, ජාතික ජන බලවේගය ආණ්ඩු හදන්නේ අත්හරින්න. තියෙන ඒවත් අත්හැරලා දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්ථනය කිරීම තමයි අපේක්ෂාව.

එයාලා කියන්නේ අපි ආවොත් තෙල් නැතිවෙයි කියලා. රනිල් කියන්නේ අරාබියේ සුල්තාන්ද?, රනිල් ආවේ නැතිනම් ගෑස් නැතිවෙනවලු. ඒ කියන්නේ රනිල්ට කොහෙහරි ගෑස් ළිදක් හම්බවෙලාද.

අපි ඔයගොල්ලන්ට සහතිකයක් දෙන්නම්, තෙල්, ගෑස්, විදුලිය කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව සපයන වැඩේ ජාතික ජන බලවේගය කරනවා”.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT