හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලොහාන් රත්වත්තේ මහතාට අයත් ජීප් රථයක රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වාරියපොළ දංගහමුල ප්රදේශයේද වූ රිය අනතුරක් සම්බන්ධයෙනි.
ලොහාන් රත්වත්තේ මහතා ගමන් කල රථයට පසු පසින් ගමන් කළ ඩිෆෙන්ඩර් වර්ගයේ රථය ත්රිරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පළක ගැටී තිබේ.
අනතුර හේතුවෙන් බස් නැතුම්පලට දැඩි ලෙස හානියට පත් වී තිබේ.
මන්ත්රීවරයාගේ රථය තුළ සිදුකළ පරීක්ෂාවකින් රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක් සහ පිස්තෝලයක් සොයාගෙන ඇති බවත් ඒවා බලපත්ර සහිත ඒවා බැවින් මුදා හැර ඇත.
ඩිපෙන්ඩර් රථයද මුදා හැර රිය අනතුර සම්බන්ධයෙන් රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.