2024 අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අඩු ආදායම්ලාභී ජනතාව සිය සතුට සැමරීමට කටයුතු කර තිබෙනවා.
ඒ කොළඹ අඩු ආදායම්ලාභීන්ට කුලී පදනම මත ලබාදුන් නිවාසවල පූර්ණ අයිතිය ඔවුන්ට ලබාදීමට සහ කුලිය අය කරගැනීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට මෙවර අයවැය මඟින් යෝජනා කිරීම හේතුවෙන් බවයි එම ජනතාව සඳහන් කරන්නේ.