Local

ජනතාව පීඩාවට පත්කරමින් ඔන්ලයින් ණය ලබා දෙන මූල්‍ය ආයතන සම්බන්ධයෙන් රජයේ අවධානය

Wednesday, 14 February 2024 - 3:13 pm

අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරකම් කෙරෙහි රජය විමසිල්ලෙන් සිටින බවත්, පීඩාවට පත් ජනතාව කෙරෙහි දැඩි අවධානය යොමු කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ එම සමාගම්වල ක්‍රියාකාරම් නියාමනය සඳහා බවයි. අදාළ කෙටුම්පත මේ වන විට පාර්ශ්ව කීපිහයක් විසින් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති අතර ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

ණය ලබා ගැනීම හේතුවෙන් පීඩාවට පත් පාර්ශ්ව වෙතින් මේ පිළිබඳ අදහස් ලබා ගෙන ඇති අතර මූල්‍ය ආයතන සමග ද සාකච්ඡා කිරීමට සූදානම් බවයි අමාත්‍යවරයා කියා සිටියේ. අවසානයේ වඩාත් විධිමත් නියාමනයක් මගින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල සේවය ජනතාව වෙත ලැබෙන වැඩපිළිවෙළක් සකස් කිරීම රජයේ අපේක්ෂාවයි.

මේ අතර බහුල ලෙස ප්‍රචලිත වෙමින් පවතින මාර්ග ගත ක්‍රමයට ණය ලබා දෙන ආයතන නියාමනයට යටත් කරන ආකාරය පිළබද රජයේ අවධානය යොමු වී ඇති බව සේමසිංහ මහතා පවසයි. එමගින් ද විවිධ පීඩාවන්ට පත් වූ පුද්ගලයන්ගේ අදහස් ද ලැබී ඇති අතර ණය දෙන සමාගම් කිහිපයක් සමග ද සාකච්ඡා පවත්වා ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT