Local

බහරේනයට එන විදෙස් ශ්‍රමිකයින්ට විවෘත වන ජාත්‍යන්තර බැංකු ගිණුම්

Tuesday, 27 August 2024 - 8:35 pm

බහරේනයේ රැකියා සඳහා, එරට ගුවන්තොටුපොළෙන් ඇතුළු වන සියලුම විදෙස් ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර බැංකු ගිණුමක් (IBAN- Inte ational Bank Account Number) ලබාදීමට බහරේනයේ කම්කරු වෙළෙඳපොළ නියාමන අධිකාරිය (LMRA)පියවර ගෙන තිබෙනවා.

එය මෙම වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බවටයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දැනුම්දී ඇත්තේ.

විදෙස් ශ්‍රමිකයින්ට මෙම ජාත්‍යන්තර බැංකු ගිණුම් හඳුන්වාදීම මගින් ශ්‍රමිකයා හා සේවා යෝජකයා අතර ගෙවීම් තහවුරුවක් ලබාගැනීම හා නිවැරදි ගනුදෙනු සිදුකිරීම සහතික කිරීම අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම ශ්‍රමික අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ඔවුන්ගේ වැටුප් ගෙවීම් බැංකු මාර්ගයෙන් සිදුකිරීම විධිමත් කිරීමත්, වැටුප් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරීම අවම කිරීමත් බහරේන් රජය එමඟින් බලාපොරොත්තු වන බව සඳහන්.

මේ පිළිබඳව වැඩි විස්තර බහරේනයේ කම්කරු වෙළෙඳපොළ නියාමන අධිකාරියේ (LMRA) වෙබ් අඩවිය වන www.lmra.gov.bh වෙත පිවිසීමෙන් හා 00973-17506055 අංකය ඇමතීම මගින් ලබාගත හැකියි.

විදේශ ශ්‍රමිකයින් බහරේනයට ඇතුළුවන අවස්ථාවේදී, ගුවන්තොටුපොළේ දී මෙම ජාත්‍යන්තර බැංකු ගිණුම් ලබාගැනීම සඳහා එරට රජය මගින් අවස්ථාව හා උපදේශන පහසුකම් සලසාදී ඇති බව වැඩිදුටත් දැනුම්දී තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT