Local

ලංකාව ගැන ඉන්දියාව ගත් තීන්දුව වැරදියි..- ජයශංකර්

Sunday, 20 October 2024 - 10:00 pm

මෙයට වසර 37 කට පෙර 1987 දී ඉන්දීය සාමසාධක හමුදාව ශ්‍රී ලංකාවට එවීම ඉන්දීය ආණ්ඩුවට සිදුවූ අත්වැරදීමක් බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසයි.

ඔහු විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද The India way (ඉන්දීය මාවත) නැමති ග්‍රන්ථයෙහි මෙම ප්‍රකාශය ඇතුළත්ය.

පාත්ෆයින්ඩර් පදනම සිංහලට පරිවර්තනය කරන ලද ‘ඉන්දීය මාවත’ ග්‍රන්ථයෙහි ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සටහන් කිහිපයක්ම ඇතුළත් වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාව පාමුලම අභියෝගයක් වූ බව ඔහු පවසයි.

එහිදී මෙරට වාර්ගික ගැටලුව පිළිබඳව කනස්සල්ලෙන් ඉන්දියාව විසින් සහතික කරන ලද විසඳුමක් ගෙන ඒමට උත්සාහ දරන ලදී. ආරම්භයේදීම එය වැරදී ගියේය.

එහෙත් එය සුළුපටු පියවරක් නොවූ බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

එසේම ශ්‍රී ලංකාවේ සාමසාධක මෙහෙයුමට ඉන්දියාව මහන්සි වුවද ඊට ලැබිය යුතු අවධානය ලැබුණේ අඩුවෙන් බවද විදේශ අමාත්‍යවරයා සිය ග්‍රන්ථය මගින් අවධාරණය කර තිබේ.

විදේශ කටයුතු විෂයෙහි ලෝකයම පිළිගත් විද්වතකු වන ආචාර්ය ජයශංකර් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය විසඳීමට මෙයට වසර 37 කට පෙර ඉන්දියාව කළ මැදිහත්වීම ගැන පළ කළ මෙම අදහස් බෙහෙවින් ආන්දෝලනාත්මක බව සඳහන් කළ යුතුය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT