Local

කෝටි 17කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට

Monday, 10 March 2025 - 3:56 pm

රුපියල් කෝටි 17 කට අධික වටිනාමකින් යුත් ‘හෂීෂ්' මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය කාන්තාවක් ඊයේ (09) කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාව 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණියක් වන අතර, ඇය සතුව තිබී හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17යි ග්‍රෑම් 573ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ, එතැන් සිට රාත්‍රී 08.35ට එතිහාඩ් ගුවන් සේවයේ EY-396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාළ තරුණිය සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT