09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ලබන 24 වනදා වාර අවසාන කිරීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙබරවාරි මස 07 වනදා පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුව මෙම මස 23 සහ 24 යන දිනවල අවසන් වරට රැස්වීමට නියමිතව ඇති බව සඳහන්.
ලබන 24 වනදා මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරෙනු ඇති.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු කාරක සභා 50කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වන අතර ඒ අනුව එම කාරක සභා සියල්ල යළි පිහිටුවීමට නියමිතව තිබෙනවා.
කෙසේවෙතත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභාව සහ විශේෂ කාරක සභා පමණක් වාර අවසාන කිරීම හේතුවෙන් අහෝසි නොවන බව සඳහන්.
පාර්ලිමේන්තුව අවසන් වරට පසුගිය වසරේ ජනවාරි මස 27 වනදා වාර අවසාන කෙරුණු අතර එලෙස අවසන් කෙරුණේ 09වන පාර්ලිමේන්තුවේ තෙවන සභා වාරයයි.