Local

අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩ

Friday, 12 April 2024 - 7:56 pm

රටක් ඉදිරියට යන්න සමාජ සබඳතා හා සාමූහිකත්වය අවශ්‍යයි 


අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමූහිකත්වය යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එසේ සඳහන් කර තිබේ.

එම අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය මෙසේය. අලුත් වීම ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරයි.ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙනි. අලුත් අලුත් සිතුවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙනි. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම, කැලැන්ඩර අවුරුද්දට අලුත් වීම, ඍතුවෙන් ඍතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුනට ලැබී ඇති අවස්ථාවන්හි අලුත් වෙති. මේ හැම අලුත් වීමක් පසුපසම තවත් අතිශය වැදගත් කාරණයක් වෙයි. ඒ සමාජ සබඳතාව සහ සාමූහිකත්වයයි.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ අප අලුත් වන්නේ ද සබඳතාව සහ සාමූහිකත්වය කේන්ද්‍ර කොටගෙනය. ලෝකයේ ඕනෑම රටක සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රයන් සැකසී ඇත්තේ මේ කරුණු පදනම් කරගෙනය.

අලුත් අවුරුද්ද අපට පෙන්වා දෙන මේ වැදගත් කරුණ පිළිබඳ මේ අවස්ථාවේ අවධාරණය කිරීම වඩාත් සුදුසු යැයි සිතමි.

අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමූහිකත්වයයි.

ඒ වගත් සිහිපත් කරමින් ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

මේ අවුරුද්දේ ගොවි ජනතාව කළ මෙහෙය කෘතවේදීව සිහිපත් කරමු


අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය දූ දරුවන් සතු බවත් ඒ අවුරුදු අසිරිය මතු පරපුර උදෙසා රැක දීම අප සැමගේ යුතුකමක් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි. සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා එසේ සඳහන් කර තිබේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයි. මෙලෙස නැකැත් චාරිත‍්‍රයන්ට හා ආගමික කටයුතුවලට මූලිකත්වය දෙමින්, පාරම්පරික සම්ප‍්‍රදායන් හා සිරිත් සුරකිමින් එකම අරමුණකින් යුතුව, එකම මොහොතක එකම නැකතකට එක්ව කටයුතු කිරීම ලොව කිසිදු රටක සංස්කෘතියක දක්නට නොලැබේ.

ස්වභාවධර්මයා සමඟ ගනුදෙනු කළ අපේ මුතුන්මිත්තෝ අලුත් අවුරුද්දේ එය තව තවත් යථාවත් කළෝය. ඔවුන්ගේ දරු මුනුපුරන් වූ අපට ආහාර සුරක්ෂිතතාව, සකසුරුවම, අපේකම, සමගිය පිළිබඳ යළි යළි අකුරු කරන්නට අවශ්‍ය නොවේ. අවශ්‍ය ක්‍රියාත්මකභාවයයි.

ආහාර හා ආර්ථික අර්බුදයකට මුහුණදී, රට බත බුලතින් සරි කරන්නට අභියෝගාත්මකව ගොවි ජනතාව කළ මෙහෙය මේ අලුත් අවුරුද්දේ කෘතවේදීව සිහිපත් කළ යුතුයි. පසුගිය වකවානුව අපට හිතන්නට බොහෝ දේ ඉතිරි කොට ඇත. මේසා රෝග ව්‍යසන, ආර්ථික හා සමාජයීය අර්බුද මෑත ඉතිහාසයේ අප නුදුටුවෙමු. ඒවා යළිදු නොදකින්නට, මතු පරපුරට ඒවා ඉතිරි නොකරන්නට නවමු සංකල්පයන් තුළින් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් අරඹමු.

 

ස්වයංපෝෂිත රටක් වෙනුවෙන් සැවොම අත්වැල් බැඳගනිමු


අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගනිමු යැයි සිංහල දෙමළ අලුත් අවුරුදු දින සුබපැතුම් පණිවිඩය එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. එම සුබපැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ.සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලෝකවාසී මෙන්ම ලක්වාසී සිංහල සහ දෙමළ ජනතාව ඉතාමත් ප්‍රීතියෙන් සමරන උත්සව අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස හැඳින්වෙන මෙදින සියලු දෙනා එකම නැකතක සිට එකම කාර්යයක නියැළෙන අතර මෙකී චාරිත්‍රය නිසාම ලෝකයේ සෙසු රටවල් අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉතා ප්‍රචලිතව තිබේ.

සියලු ජනතාව මෙදින තමන්ට හැකි උපරිම අයුරින් මෙකී චාරිත්‍ර ඉටු කරන්නේ ඉදිරි වසරේ සෞභාග්‍යය සහ සශ්‍රීකත්වය අපේක්ෂාවෙනි. නමුත් පසුගිය කාලවකවානුව ලක්වාසී ජනතාවට එතරම් හොඳ කාලවකවානුවක් නොවූ බව මා විශ්වාස කරමි. බදු බර වැඩි වීම, බඩු මිල ඉහළ යෑම, රටේ අභ්‍යන්තර අර්බුද ආදි ගැටලු රාශියකට රට මුහුණදුන් අතර මේ වන විට මැතිවරණ වසරක් ද උදා වී තිබේ. මේ වසරේ ජනතාව අපේක්ෂා කරන පාලනයක් රට තුළ බිහි වී නැවතත් අප මාතෘභූමියට සෞභාග්‍යය උදාවනු ඇති බව මාගේ විශ්වාසයයි.

එසේම පවතින බංකොලොත්භාවයෙන් මිදී නැවතත් ස්වයංපෝෂිත ආර්ථික රටාවක් සහිත රටක් ලෙස අප රට පත් කර සාමය, සතුට, සැනසීම සහිත අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගැනීමට ද කාලය එළැඹ තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT