Local

සමඟි සන්ධා­න­යට හොඳ­ටම බිය වී ජවිපෙ පිස්සු­වෙන් දොඩ­වන්න පටන් අරන්

Saturday, 06 January 2024 - 2:36 pm

සමඟි ජන බලවේගය තවත් පක්ෂ රැසක් සමඟ එක්ව හදන සමඟි සන්ධානයට ජනතා විමුක්ති පෙරමුණ හොඳටම බිය වී පිස්සුවෙන් වගේ දොඩවන්න පටන් ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (5) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය ලෙස නම වෙනස් කරගෙන ඇත්තේ ඔවුන්ගේ බියකරු හා ත්‍රස්තවාදි අතීතය හේතුවෙන් බවයි.

එහිදී ඒ මහතා මෙසේද කීවේය: “මේ රටේ ආර්ථිකය විනාශ කළේ ජනතා විමුක්ති පෙරමුණයි. මේ රටේ කර්මාන්තශාලා කීයක් නම් මේ අය විනාශ කළාද? ට්‍රාන්ස්පෝමර් කීයක් ගිනි තිබ්බද්? බස් කීයක් ගිනි තිබ්බද? කී දෙනකු ඝාතනය කළාද? ඒ වගේම මේ අය මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න දුන්නේ නැහැ. මේ රටට විදේශ ආයෝජකයන්ට එන්න දුන්නේ නැහැ. මේ අය මේ විදිහට තමයි රටේ ආර්ථිකය විනාශ කළේ. දැන් ඒ අය ‘ජාතික ජන බලවේගය’ කියලා නම වෙනස් කරගෙන තිබෙනවා. මේක හරියට අයිආර්සීකාරයෙක් හිරේ ගිහින් ආයේ ගමට එන කොට නම වෙනස් කරලා තිබෙනවා වගේ වැඩක්. නම වෙනස් වුණාට මේ අයගේ ප්‍රතිපත්ති වෙනස් වෙලා නැහැ. දැන් මේ අය අපේ සන්ධානට බය වෙලා ඉන්නේ; පිස්සුවෙන් වගේ දොඩවන්න අරගෙන.”

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT