Local

සෑම රෝහලක්ම ස්මාට් රෝහලක් කරනවා.. ගොවින්, ධීවරයන් ස්මාට් කරනවා..

Sunday, 15 September 2024 - 9:16 pm

ඉදිරි ජනාධිපතිවරණය ජයගෙන තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත්වූ පසු මෙරට සෑම රෝහලක්ම ස්මාට් රෝහලක් බවට පත් කරන බව සමගි ජන බලවේග ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අම්පාර නින්දවූර් ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක ජනරැළියක් අමතමිනි.

ගොවි ජනතාව වෙනුවෙන් කිලෝ පනහක පොහොර මිටියක් රුපියල් පන් දහසක මුදලකට ලබාදීමටද තම රජයක් යටතේ කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

ඒ හරහා ගොවි ජනතාවට අඩු පිරිවැයකින් තම ගොවි නිෂ්පාදන කරගෙන යාමට අවස්ථාව ලැබෙනු ඇති බවත් හෙතෙම පැවසුවේය.

ධීවරයන්ටද ඉන්ධන සහනාධාරයක් තම රජයක් යටතේ ලබා දෙන බවත් පැවසූ ඒ මහතා මෙම කටයුතු හරහා ගොවිතැනත් ධීවර කර්මාන්තයත් සුහුරු කර්මාන්ත බවට පත් කිරීමට කටයුතු කරන බවත් තවදුරටත් කියා සිටියේය.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT