Local

කඩුගන්නාව නගරය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට යයි

Thursday, 18 April 2024 - 8:20 am

අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සංචාරක එල්.එස්. එගොඩවිට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ඇතුළු පිරිස කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය ආශ්‍රිත ප්‍රදේශය නිරීක්ෂණය කළ අයුරු.

මධ්‍යම පළාතට ප්‍රවේශ වන ප්‍රධාන පිවිසුමක් වන කඩුගන්නාව නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. කඩුගන්නාව ගල විදින ලද ස්ථානය, ඩෝසන් කුලුන, කඩුගන්නාව තානායම, කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය හා පොහොර ගබඩා සංකීර්ණය යන ස්ථාන සංචාරක ස්ථාන ලෙස සංවර්ධනය කිරීම හා මුදලිවත්ත ගම්මානය ආගන්තුක සත්කාර ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම කෙරෙහි මේ යටතේ අවධානය යොමුව ඇත.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මේ ස්ථානය නිරීක්ෂණය කර එහි ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට හා ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීන් ද මුදල්වත්ත ආගන්තුක සත්කාර ගම්මානයේ පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT