Local

අනුර දින්නාම විධායක ජනාධිපතිකම අහෝසියි.. විධායක බලය අරන් පාර්ලිමේන්තුවට..

Sunday, 18 August 2024 - 11:35 am

ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තීරණය කර තිබේ.

එයද අතුලත්වය ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ක්ෂේත්‍ර හතළිහක් ආවරණය වන ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන 26 වැනිදා එළිදක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවට විධායක බලතල පවරමින් සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දෙන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් නව ආණ්ඩුව යටතේ බිහි කරන බවද හෙතෙම කියා සිටියි.

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද පැවසූ ඔහු යහපත් රාජ්‍ය පාලනය, වංචා දූෂණ නතර කිරීම හා ජාතිවාදය නතර කිරීම ඇතුළු කරුණුවලට මෙහි ප්‍රමුඛකත්වය ලබා දී ඇතැයිද කියා සිටියේය.

රටේ ආර්ථිකය මුළුමනින්ම යථාවත් කිරීම සම්බන්ධයෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අවධානය යොමු කර ඇති බවත් කෘෂිකර්මය, කර්මාන්ත, ධීවර, වැවිලි හා ආයෝජනය අාදී ක්‍ෂෙත‍්‍රවලින් ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද යන්නද එහිදී අවධාරණය කරන බවද කියා සිටියේය.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT