Local

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බාරගත් නිසා අද රට අර්බුදයෙන් ගැලවිලා - රාජිත

Sunday, 23 June 2024 - 3:50 pm

බංකොලොත් වීමෙන් පසු කෙටිම කාලයක් තුළ ඉන් මිදුණු එකම රට ශ්රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා පවසයි. වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ අර්බුදය සමයේ ආණ්ඩුව භාරගත් නිසා අද වන විට රට අර්බුදයෙන් ගැලවී ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා,”බෙහෙත් පෙත්තක් බොන්න බැරි වුණ රටක අද ඖෂධ ශාලාහිමියන් මේ තරම් උත්කර්ෂවත් උත්සවයක් පවත්වනවා.

මේ ජනාධිපතිතුමා නොඑන්න ඒ කියන්නේ මෙහෙම දෙයක් වෙන්නේ නෑ. අනිත් නායකයෝ ඔක්කෝටම මේක ඉදිරිපත් කළා. අපේ නායකයින්ට ඉදිරිපත් කළා. අපේ හිටිය ආර්ථික විශේෂඥයින් කිව්වා නායකතුමා අත තියන්න එපා කියලා. අත පිච්චෙනවා කියලා අත අල්ල ගත අය අද අංකුං කියන්නේ කොහොම ද? ලෝක ඉතිහාසයේ කියැවෙනවා දෑකැත්තයි මිටියයි ගහපු එකම පක්ෂයේ ධනපති පන්තියකින් උදුරා ගත යුතු බලය, ධනපති පන්තිය තැටියේ තියලා දෙනකොටත් එපා කිව්වා කියලා. එතකොට තේරෙනවා ද මේකේ තියෙන භයානකකම. අපිට දේශපාලන ඕනෑම මතවාද තියෙන්න පුළුවන්. මොන මතවාද තිබුණත් රටක් තියෙන්න ඕනේ. ඔච්චරයි මම දන්න දේශපාලනය. අපි කුහක වුණොත් අපේ රටට අනාගතයක් නෑ. අපේ පක්ෂය කළොත් ඕන එකක් හොඳයි. විරුද්ධ පක්ෂ කළොත් ඔක්කෝම විරුද්ධයි. මම නම් ඒ ධර්මය පිළිගන්නේ නෑ. මේ රට අවුරුද්දකට එහා තිබුණ තැන හැටියට හීනෙන්වත් හිතුවද මෙච්චර ඉක්මනින් මේක කරයි කියලා. අපේ රට තමා බංකොලොත් වෙලා මෙච්චර කෙටි කාලයකින් එළියට ආපු ලෝකයේ පළමු රට යැයිද රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT