Entertainment

මීඩියා ලෝකයේ වැඩකාරයෙක් වෙන්න ඕනෙද ?

Monday, 26 February 2024 - 8:49 am

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට දැනුමැති ප්‍රායෝගික පුහුණුව සහිත විශිෂ්ට ජනමාධ්‍යවේදින් බිහි කිරීම අරමුණු කර ගනිමින් lanka media house ආයතනයේ මූලිකත්වයෙන් වෘත්තීය පුහුණු ප්‍රායෝගික ජනමාධ්‍ය සහතික පත්‍ර පාඨමාලාවක් හා ඩිප්ලෝමා පාඨමාලාවක් හඳුන්වා දී තිබේ.

වයස 18 ඉක්මවූ ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගි විය හැකි අතර ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක දහයක මෙම පාඨමාලාව ඇරඹේ. නුගේගොඩ,ගම්පහ,ගාල්ල,මාතර,කුරුණෑගල, මහනුවර,අනුරාධපුර,
රත්නපුර, කෑගල්ල,කළුතර යන නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම පාඨමාලා පැවැත්වේ.

මෙහි ප්‍රථම අදියර නුගේගොඩ රොටරි ආයතනයේදී මාර්තු 01 වන සිකුරාදා සිට (පෙරවරු 08.00 සිට පස්වරු 03.00 දක්වා)
ද ගම්පහ මොන්ටානා ආයතනයේදී පෙබරවාරි 26 වන සඳුදා සිට (පෙරවරු 08.00 සිට පස්වර 03.00 දක්වා) ආරම්භවේ.

දැන්වීම්කරණය, අලෙවිකරණය, ප්‍රචාරණය, ඉසව් කළමනාකරණය , රූපවාහිනී ,ගුවන්විදුලි, පුවත්පත්,සිනමා මාධ්‍යයන්, තිර පිටපත් රචනය, වීඩියෝකරණය, ඡායාරූපකරණය, නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය, ඩිජිටල් මාධ්‍ය ,වෙබ් මාධ්‍යය, නවකතා, කෙටිකතා ,කවි රසවින්දනය, මාධ්‍ය නියාමනය,ආචාර ධර්ම හා මානුෂීය මාධ්‍ය වාර්තාකරණය, ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරණය , තොරතුරු දැන ගැනීමේ අයිතිය, සාම්ප්‍රදායික මාධ්‍ය(ජනශ්‍රැති) යන විෂයන් අධ්‍යයනය සඳහා ප්‍රමුඛතාවය ලබාදේ.

ඒ ඒ විෂයන්හි ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ වෘත්තිය වේදීන්ගේ අධීක්ෂණය හා සහභාගිත්වයෙන් මෙම පාඨමාලා ක්‍රියාත්මක වේ.

සියත ප්‍රවෘත්ති උපදේශක හා අධ්‍යක්ෂක ලාල් හේමන්ත මාවලගේ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත, බාහිර කථිකාචාර්ය නාට්‍යවේදී පිටපත් රචක මොහාන් ජී රංගනාථ, නිර්මාණ අධ්‍යක්ෂ ගීත රචක රංගවේදී වසන්ත දුක්ගන්නාරාල,
ශ්‍රී ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයේ ආචාර්ය පුලස්ති ගුණවර්ධන , තිර රචක අධ්‍යක්ෂක බාහිර කථිකාචාර්ය රසික සුරවීර ආරච්චි, සාහිත්‍යවේදී ලේඛක පරිවර්තක ගත් කතුවර චූලානන්ද සමරනායක, ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශයේ සහකාර අධ්‍යක්ෂ බාහිර කථිකාචාර්ය හසල ප්‍රේම කුමාර, පෞද්ගලික විශ්ව විද්‍යාල බාහිර කතිකාචාර්ය ජනමාධ්‍යවේදී සාරංග පතිරණ, ඩිජිටල් අලෙවි කරන උපදේශක බාහිර කථිකාචාර්ය පුලස්ති වන්නියාරච්චි, freeeye.lk ප්‍රධානී සාක් කලාපීය ජනමාධ්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂක අමිල බාලසූරිය, නිර්මාණ අධ්‍යක්ෂක, ඉරිදා ඇපල් පුවත්පතේ හිටපු කතෘ රාජ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ලේකම් සංජක ප්‍රසාද් දොලේවත්ත, නිර්මාණ අධ්‍යක්ෂක බාහිර කථිකාචාර්ය කැලුම් කුමාර මොහොට්ටි , නාට්‍ය අධ්‍යක්ෂ පිටපත් රචක ජනමාධ්‍යවේදී අසංක සායක්කාර, ප්‍රවීණ නිවේදිකා හඩ කැවීම් ශිල්පී රසාදරී මුණසිංහ, රූපවාහිනී ප්‍රවෘත්ති කළමනාකරු ජනමාධ්‍යවේදී ටෙරාන් කරන්නාගොඩ, නිර්මාණ අධ්‍යක්ෂක ජනමාධ්‍යවේදී පුෂ්පකුමාර සමරවික්‍රම , ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂක ජනමාධ්‍යවේදී ඉන්දික ජයරත්න, නිර්මාණ අධ්‍යක්ෂ හඩකැවීම් ශිල්පී ගාමින්ද ප්‍රියවිරාජ්, නිර්මාණ අධ්‍යක්ෂ හඩකැවීම් ශිල්පී සුනෙත් චිත්‍රානන්ද, නාට්‍ය අධ්‍යක්ෂ පිටපත් රචක ජනමාධ්‍යවේදී චාලක රණසූරිය, digital මාධ්‍යවේදී මිහිඳු පොන්සේකා, ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශයේ වැඩසටහන් නිෂ්පාදක බාහිර කථිකාචාර්ය මේනක සංජීව, මාධ්‍ය පාඨමාලා දේශක නාමලී මාකලන්දාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ටී.ඩී.කේ. ජයන්ත,
නිර්මාණ අධ්‍යක්ෂ විචාරක විකුම් ජිතේන්ද්‍ර, කවි ගීත රචක නිර්මාණ අධ්‍යක්ෂ සෞම්‍ය සඳරුවන් ලියනගේ , ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ කළමනාකරු නලින්දා පෙරේරා , බාහිර කථිකාචාර්ය ජනමාධ්‍යවේදී ලේඛක කපිල එම්. ගමගේ, ආචාර්ය දර්ශන අශෝක කුමාර, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂ බාහිර කතිකාචාර්ය දර්ශන පියරත්න, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මාධ්‍යවේදී විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය ප්‍රියන්ත වෙදමුල්ල, ලක් හඬ ගුවන්විදුලියේ මාධ්‍යවේදී බාහිර කථිකාචාර්ය චන්දන කුමාර, ගජ ටීවී මාධ්‍ය ආයතනයේ උපදේශක විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය ශාන්ත බණ්ඩාර ජයවර්ධන, මාධ්‍යවේදීනි නෙතුනි බටදූව ආරච්චි, නියෝග්‍රැපික්ස් පුද්ගලික ආයතනයේ සභාපති ටි.පි.ජි. අමරජීව, යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ වෘත්තියවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම පාඨමාලාවන් පැවැත්වෙන බවත්, ඒ සඳහා සහභාගී වී යහපත් ජනමාධ්‍ය කලාවක් හා භාවිතාවක් උදෙසා යොමුවන ලෙසත් ජනමාධ්‍ය අධ්‍යයනයට ලැදි වෘත්තීයට පිවිසීමට බලාපොරොත්තු වන සැමට මේ සඳහා එක්වන ලෙස lanka media house පාඨමාලා අධ්‍යක්ෂ ප්‍රසන්න අධිකාරි ඉල්ලා සිටි.

මෙහි විශේෂත්වය වන්නේ මෙම පාඨමාලාව අතරතුර රූපවාහිනි,ගුවන් විදුලි,පුවත්පත්,මුද්‍රණ ආයතනයන්හි ක්ෂේත්‍ර චාරිකා හතරක් සංවිධානය කර තිබීමයි.

එමෙන්ම පාඨමාලා අවසානයේ වෘත්තිය නිපුණතා සහිත වටිනා සහතිකයක් පිරිනැමේ.ජාතික වෘත්තීය සහතිකය ලබාදීම සඳහාද මේ වනවිට කටයුතු සිදුකරමින් සිටි.
පාඨමාලාවෙන් පසු කැමති සිසුන් සඳහා මාධ්‍ය ආයතනයන්හි මාස තුනක හෝ හයක පුහුණුවක් සඳහාද යොමු කිරීමට බලාපොරොත්තුවේ.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT