Local

ජේසුස් වහන්සේගේ උප්පත්තිය සිහි ගන්වන නත්තල, මානව ගරුත්වය සහ මනුෂ්‍යත්වය පෙරදැරි සමාජයකට නවමු අඩිතාලමක් ‌

Monday, 25 December 2023 - 3:53 pm

උතුම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි ගන්වන නත්තල, මානව ගරුත්වය සහ මනුෂ්‍යත්වය පෙරදැරි සමාජයකට නවමු අඩිතාලමක් ‌බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අදට යෙදී තිබෙන  නත්තල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය මෙසේයි...

එය පීඩාවට පත් ජනතාව ඉන් මුදා, යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා කැපවුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය මත වූ කාලීන සැබෑ අවශ්‍යතාවයකි.

මිනිසුන්ට සතුන්ට මෙන්ම පරිසරයට පවා කරුණාව පාමින් බෙදා හදා ගැනීමේ අපූරු පාඩම අවධාරණය කළ ජේසුස් වහන්සේගේ දහම අනුව වෛරය හා කෲරත්වය පිටුදකිමින් ගැටුම් සමනය වන ආර්ථිකමය වශයෙන් හා බවබෝගයෙන් සමෘද්ධිමත් වූ ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මෙවර නත්තල නව ආරම්භයක් කර ගනිමු.

දුප්පත් – පොහොසත්, ස්ත්‍රී – පුරුෂ, කුල -මල, වාද – භේද පසෙකලා සාමය, සමාදානය හා සමානාත්මතාවය යන අපූර්ව පාඩම් මත පිහිටා, අන්‍යයන්ට පිහිට වෙමින්, අර්ථාන්විතව ගත කරන, සිත්සතන් සතුටින් පිරි සුබ නත්තලක් වේවායි පතමි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT