Local

මහ කන්නයේ වී වගාවට රු. කෝටි 960ක් ගොවීන්ට ලබා දී අවසන්

Monday, 05 February 2024 - 7:33 pm

මහ කන්නයේ වී වගාව සඳහා රුපියල් කෝටි 960ක් මේ වනවිට ගොවීන්ට ලබා දී අවසන් බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දවස තුළ තවත් රුපියල් මිලියන 450ක් ගොවි ගිණුම්වලට බැර කරන බවද සමස්ත ගොවි ජනතාවගෙන් සියයට 93කට මුදල් ගෙවා අවසන් බව ද එම දෙපාර්තමේන්තුව දැනුම් දේ. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මහ කන්නයේ වී වගාව හා ඒ ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවි ගිණුම්වලටම මුදල් බැර කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක බැගින් ගොවීන් මිලියන 1.2කට එම මුදල් ලබා දීමට රජය තීරණය කර ඇත.
මේ වන තෙක් එම මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නැති බවට ඇතැම් ගොවි සංවිධානවල නියෝජිතයින් යැයි කියා ගන්නා පුද්ගලයින් මාධ්‍ය ඔස්සේ පළ කරන ප්‍රකාශ සම්බන්ධව අවධානය යොමු කරමින් ගොවි ගිණුම්වලට මුදල් බැර කිරීමේ වර්තමාන තත්ත්වය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතාගෙන් අද (05) කරුණු විමසීමක් කර තිබේ.
ඒ අනුව කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ මේ වනවිට රුපියල් බිලියන 9.6ක මුදලක් ගොවි ගිණුම්වලටම බැර කර ඇති බවයි. එමෙන්ම අද දවස තුළ තවත් රුපියල් මිලියන 450ක් ගොවි ගිණුම්ගත කිරීම නියමිතව ඇති බවත්, මේ වනවිට සමස්ත වී වගා කරන ගොවීන්ගෙන් සියයට 93කට මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව පොහොර මිල දී ගැනීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් 15,000ක දීමනාව ගිණුම්ගත කර අවසන් කර ඇති බව ද හෙතෙම පැවසීය.
පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව නිසා කුඹුරුවලින් සියයට 07ක් පමණ ජලයෙන් යට ව වගා හානියට පත් විය.එමෙන්ම බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල මාස් කන්නයේ ප්‍රමාද වී කුඹුරු වගා කෙරේ. එම කුඹුරු සඳහා ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන පමණක් දැනට ගෙවීමට ඉතිරිව ඇති බවත් ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.

මහ කන්නයේ වී වගාව ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දෙන රුපියල් 15,000 දීමනාව සඳහා රජය වැය කරන මුදල රුපියල් බිලියන 10කි. මෙම මුදල රජයේ වියදමින් ලබා දෙන අතර මුදල් අපහසුතා මධ්‍යයේ වුවද ගොවි ජනතාවට යම් සහනයක් ලබා දීමේ අරමුණින් රජය මෙම පියවර ගනු ලැබීය.

මෙම සහන මුදල් ලබා දීමේ දී සිදුවිය හැකි අක්‍රමිකතා මඟ හැරවීමෙ සඳහා ගොවි ගිණුම්වලටම එම මුදල බැර කිරීමට කටයුතු යොදනු ලැබීය. නමුත් ඇතැම් ගොවි ගිණුම්වල අංකවල තිබු දෝෂ සහිතභාවය නිසාත් , කුඹුරු විශාල ප්‍රමාණයක් ගංවතුර නිසා හානියට පත්වීම නිසාත් නිසි වේලාවට මුදල් ගිණුම්ගත කිරීමට නොහැකි වූ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් ඉදිරි සති දෙකක කාලය තුළ ගොවි ගිණුම්වලින් සියයට 100කටම එම මුදල ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT