Local

දුරකථ​න සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ වැඩසටහනක්

Saturday, 11 November 2023 - 7:02 am

ජංගම දුරකථ​න සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගකයින් තමන් භාවිතා කරන සිම්පත් තමන්ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත්වී ඇති සිම්පත් පිළිබඳව තමන් දැනුවත්ව සිටිය යුතු බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඒ අනුව යටතේ සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ වැඩසටහනේ පළමු අදියර සඳුදා (නොවැ 13) සිට සෙනසුරාදා (නොවැ 18) දක්වා පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වනවා.

තමන්ගේ හැඳුනුම්පත යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පත් ලියාපදිංචි වී ඇත්නම් එවා වහාම අවලංගු කිරීමට කටයුතු කළ යුතු බවත් #132# අංකය ඇමතීමෙන් තොරතුරු තහවුරුකරගත හැකි බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images news images
 


Top Stories
wedivistara

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

wedivistara

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

කියනකල් ඉන්න දෙයක් නෑ, යන්නයි තියෙන්නෙ - නලින්ද ජයතිස්ස

wedivistara

ගල්ඔය ඉවුරු බිඳීයෑම නිසා කුඹුරු අක්කර 3,000 ක් ජලයෙන් යටවෙයි

wedivistara

රජයට වී දීමට ගොවීන්ගේ එකඟතාවයක්

Trending
wedivistara

UNP හා සමගි ජන බලවේගය එක්වීම පිළිබඳ සාකච්ඡා කිරීමේ යෝජනාවට SJB අනුමැතිය

wedivistara

විදුලි ගාස්තු 20% කින් පහතට

wedivistara

එජාප - සජබ සහ සෙසු පක්ෂ එකතුවෙන් එක්සත් ජාතික පෙරමුණක්

wedivistara

තෑගි මුදල් ලබාදෙන බවට සඳහන් කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ජනතාවට දැනුම්දීමක්

wedivistara

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන සිදුක​ළ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් ඉවත​ට

wedivistara

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රජයෙන් සහන පැකේජයක්


NEWS ALERT