Local

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට එල්ල වූ සයිබර් ප්‍රහාරය ගැන දැනුම්දීමක්

Thursday, 29 May 2025 - 10:28 am

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් (Ransomware Attack) එල්ල වීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සයිබර් ප්‍රහාරය එල්ල වූයේ අප්‍රේල් මාසයේ මුල් සතියේ බවයි ඔවුන් සඳහන් කරන්නේ.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2016 වසරේ පමණ සිට විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතිය හරහා මාර්ගගතව සේවා සැපයූ බවත්, දෙපාර්තමේන්තුව තුළ සයිබර් ආරක්ෂණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර තිබුණද, මෙවැනි සයිබර් ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL CERT) විමර්ශනයක් ආරම්භ කළ බවත් ඔවුන් සිය නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.

කෙසේවෙතත් මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කිසිදු මාර්ගගත තොරතුරු පද්ධතියක කටයුතු අඩාල වීමක් සිදුනොවන පරිදි නැවත යථා තත්ත්වයට පත්කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙ​ම තොරතුරු පද්ධතින් නැවත ක්‍රියාත්මක කිරීමේදී කිසිදු දත්ත හානි වීමක් හෝ අහිමිවීමක් සිදු වී නොමැති බවත් අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත විශ්‍රාම වැටුප් සංශෝධන සඳහා කිසිදු තාක්ෂණික බාධාවක් නොමැති බවත් ඔවුන් සඳහන් කරනවා.

විශ්‍රාමිකයන්ගේ තොරතුරු බාහිරයට නිරාවරණය වීම පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක අතර දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් වෙත අගතියක් ඇති නොවීම පිණිස ගත හැකි ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.  

අදාළ නිවේදනය පහතින්.

news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT