Local

අසීරු අවස්ථාවක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ අභියෝගය මුදල් අමාත්‍යවරයා භාර ගෙන තිබෙනවා -ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

Friday, 17 November 2023 - 5:53 pm

අසීරු අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාධනීය අයවැයක් ‍ ඉදිරිපත් කර ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

ඉකුත් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු, 2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව දෙවන වර කියවීමේ විවාදයේ සිව් වන දිනය වන අද දින විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙවර අයවැයෙන් මෙරට පවුල් එක් කෝටි පනස් ලක්ෂයක් ආවරණය වන පරිදි සෘජු සහණ ලබා දී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විශ්‍රාමිකයින්ට සහ අස්වැසුමට සහණ ලබා දී තිබෙනවා. අස්වැසුම සහනාධාරය තුන් ගුණයකින් වැඩි කර තිබෙනවා.තට්ටු නිවාස වල සිටින ජනතාව වෙනුවෙන් පවුල් 50,000කට සෘජු සහන ලබා දී තිබෙනවා. කොළඹ නගරයේ තට්ටු නිවාස වල ඉන්න මෙම ජනතාවට මීට පෙර කවුරුත් මෙවැනි සහණ ලබා දුන්නේ නැහැ.

අසීරු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගත්තා. මේ රට අරාජිකත්වයෙන් බේරා ගැනීමට අපි එතුමාට සහාය ලබා දුන්නා. ජනාධිපතිවරයා අසීරු අවස්ථාවේ මෙවැනි සාධනීය අයවැයක් ගෙනත් තිබෙනවා.මෙම අසීරු අවස්ථාවේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ අභියෝගය මුදල් අමාත්‍යවරයා භාර ගෙන තිබෙනවා.පළාත් පාලන ආයතන වල 8400ක් වූ අනියම් සේවකයින් ස්ථිර කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙනවා.

පසුගියදා සිදු වූ ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ක්‍රිකට් තහනම් ඉවත් කර ගැනීමට ගන්නා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි. ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සියළු මැති ඇමතිවරු ඒ සඳහා මැදිහත් වන බව හෙතෙම සඳහන් කළේය.

කෝප් කමිටුව සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කෝප් කමිටුව ස්වාධීන කමිටුවක් බවයි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කිසිදු භේදයකින් තොරව කෝප් කමිටුවට පැමිණෙන බවත් ස්වාධීනව ඒ සඳහා සහාය ලබා දෙන බවද කීය. යම් අඩුපාඩුවක් වී ඇත්නම් සියළු දෙනා ඒ සඳහා මැදිහත් විය යුතු බවත් එසේ නැතහොත් කෝප් කමිටුව පිළිබඳ ජනතාවගේ අප්‍රසාදයට පත් වන බව හෙතෙම පෙන්වා දුන්නේය.

එම කමිටුවට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබා දිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගේන්න පක්ෂ විපක්ෂ භේයදකින් තොරව කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙවැනි අවස්ථාවක ජාතික හැගිම් වලින්කටයුතු කළ යුතුයි.දේශපාලන පක්ෂ භේදයකින් කටයුතු නොකළ යුතුයි.ටීම් වර්ක් එකක් නැතිව කණ්ඩායමකට දිනන්න බැහැ.

 


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT