Local

ශ්‍රී ලංකා-ඉන්දීය ආරක්ෂක සහයෝගිතා සමුළුව අවසන්

Tuesday, 16 April 2024 - 9:18 am

ශ්‍රී ලංකව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කළ ආරක්ෂක සහයෝගිතා සමුළුව කොළඹදී සාර්ථකව අවසන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් “නව අවස්ථාවන් හඳුනා ගනිමින්, නව බැඳීම් නිර්මාණය කරමින්” යන තේමාව යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත ආරක්ෂක උපකරණ ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කළ හැකි ආකාර සොයා බැලීමට සංවිධානය කළ ආරක්ෂක සහයෝගිතා සමුළුවක් කොළඹ, ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්විණි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය රජයේ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක නිෂ්පාදන) ශ්‍රී අනුරාග් බජ්පායි  ප්‍රමුඛ ඉන්දීය නියෝජිත පිරිස සමඟ සමුළුවට සහභාගි විය.

හින්දුස්ථාන් ඒරෝනොටික්ස් ලිමිඩට්, භාරත් ඉලෙක්ට්‍රොනික්ස් ලිමිටඩ්, සෙන් ටෙක්නොලජීස්, SSS ඩිෆෙන්ස්, භාරත් ෆෝජ්, බිග් බෑන්ග් බූම් සොලියුෂන්ස්, AWEL, AVNL, මහින්ද්‍රා ඩිෆෙන්ස්, සාගර් ඩිෆෙන්ස් සහ ටාටා ඇඩ්වාන්සස් සිස්ටම් ලිමිටඩ් ඇතුළු ඉන්දියාවේ ආරක්ෂක සමාගම්වල නියෝජිතයන්ගෙන් ඉන්දීය නියෝජිත පිරිස සමන්විත වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක මාණ්ඩලික, ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා, ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ, පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමාගම්වල නියෝජිතයන් රැසක් ද සමුළුව සඳහා සහභාගි වූහ.

මහකොමසාරිස් ජා ආරක්ෂක ක්ෂේත්‍රය ඇතුළු විවිධ අංශවල පවතින ඉන්දීය – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගිතාවයේ ඉහළ යන විවිධාංගීකරණය අවධාරණය කළේය. භූගෝලීය පිහිටීම හේතුවෙන් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව එකිනෙක හා සම්බන්ධව එකිනෙක හා බැඳී පවතින බව ඒ මහතා අවධාරණය කළේය. ඉන්දියාවේ ආරක්ෂක අපනයන මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 2.6ක් ලෙස වාර්තා වන අතර එය පසුගිය වර්ෂ පහ ඇතුළත දස ගුණයක වර්ධනයකි. මෙම සමුළුව ආරක්ෂක ක්ෂේත්‍රය තුළ ඉන්දියාවේ වර්ධනය වන හැකියාවන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්ෂේත්‍රය වෙත ලබාදිය හැකි ආකාර ගවේෂණය කරන තවත් වේදිකාවක් වන බව මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT