Local

කරුමෙට හරි සජිත් ජනාධිපති වුනොත් අවුරුද්දක් යන්න පෙර පැනලා යනවා..

Monday, 19 August 2024 - 7:08 pm

රටේ කරුමෙකට හෝ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළොත් වසරක් යාමට මත්තෙන් ඔහු තනතුර දාලා පැනලා යනවා යැයි ස්වාධීන ජනාධිපති අපේක්ෂක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කෙළේය.
ඔහු පවසන්නේ තමන් මීට පෙර දී ප්‍රකාශ කළ ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ ද වසර දෙකකින් තනතුර දමා පැන ගිය බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ පැවැති මංගල ජනහමුව ආමන්ත්‍රණය කරමින් ඔහු මේ බව කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
‘එදා ගෝල්ෆේස් පිටියේ අරගලය කළේ නිර්පාක්ෂික නායකයෙක් ඕනෙ කියලයි. දැන් මම ඒ අයට ආරාධනා කරනවා මගෙත් එක්ක එකතු වෙන්න කියලා. මම පක්ෂ දේශපාලනයෙන් ඉවත්වෙලා ස්වාධීනව ජනාධිපතිවරණයට තරඟ කරනවා.
ඒ නිසා නිර්පාක්ෂික නායකයෙක් රටට පත් කර ගන්න ජනතාවට දැන් අවස්ථාව තිබෙනවා.මම 2019 දී කිව්වා ගෝඨාභය රාජපක්ෂ අවුරුදු දෙකකින් පැනලා යනවා කියලා. මම එහෙම කිව්වේ එයාගේ පැටිකිරිය දන්න හින්දයි. ඒ කිව්වා වගේම ඔහු අවුරුදු දෙකකින් පැනලා ගියා.
ඒ වගේම තමයි රටේ කරුමෙට හරි සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වුණොත් අවුරුද්දකින් ඔහු පැනලා යනවා. මං මේක කිව්වයි කියලා තමුන්නාන්සේලා රන් අකුරෙන් ලියලා තියාගන්න.ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා.
රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා.ඒක විසඳන්න පුළුවන් උගතුන් බුද්ධිමතුන් රටේ හිටියත් ඔවුන් මෙහෙය වන්න හොඳ නායකත්වයක් නෑ. මේ රටේ ආදායම වැඩි කරලා ජනතාවෙගේ අතමිට සරු කරන එක රජයේ වගකීමක්. ඒවා කරන්න අපිට වැඩ පිළිවෙළක් තිබෙනවා. ඒ නිසා මම ජනතාවට ආරාධනා කරන්නේ මගෙත් එක්ක එකතු වෙන්න කියලයි’.

– ජයසුරිය උඩුකුඹුර


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT