Local

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

Wednesday, 10 January 2024 - 1:54 pm

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය හාලිඇළ උඩුවර හතේ කණුව ප්‍රදේශයෙන් තවදුරටත් අවහිර වී තිබේ.
නාය යෑමක් හේතුවෙන් මාර්ගය ඊයේ (09) රාත්‍රියේ අවහිර විය.

මේ අතර මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාමත් සමග පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල අතර කොටස නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, ජනතාවගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක බවයි.

එසේම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාශ 50 කට පමණ ආසන්න සංඛ්‍යාවක් වර්ෂාවත් සමග වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

එහි ජල කලමනාකරණ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, සෙසු ජලාශ ද වාන් මට්ටමට පැමිණ ඇති බවයි.

සේනානායක සමුද්‍රයේ වාන් දොරටු 5 ක් සම්පුර්ණයෙන් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 5200 ක් පහළ ප්‍රදේශවලට ප්‍රදේශවලට මුදාහරින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT