Local

දෙහිවල සත්තු වත්තේ ලක්ෂ 50කට වඩා වටින නිල් කහ මැකෝ දෙවැනි වතාවටත් උස්සලා

Sunday, 08 June 2025 - 11:14 am

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු ඉකුත් 4 වෙනි දින රාත්‍රී සොරාගෙන යන අයුරු සත්වෝද්‍යානය වෙළෙදසැලක සවිකර ඇති ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබෙනවා. 

 
මෙම ගිරවා රදවා සිටින කූඩුව තුළ නිල් කහ මැකෝ ගිරවුන් 30ක් රඳවා සිට ඇති අතර ඉන් එක් ගිරවෙකු මෙසේ සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 
කූඩුව භාරකරු පසුදා උදෑසන රාජකාරි සඳහා යතුරු රැගෙන විත් කූඩුව විවෘත කිරීමට යාමේදී එහි ආරක්‍ෂාවට දමා තිබූ ඉබ්බා කඩා ඇති බව දැක පසුව ඉහල නිලධාරීන් දැනුවත් කොට පරීක්ෂා කිරීමේදී ඒ තුළ සිටි එක් නිල් කහ මැකෝ ගිරවෙකු අස්ථාන ගතවී ඇති බව දැක තිබෙනවා. 
 
පසුව මෙම ගිරවා අස්ථාන ගතවීම පිළිබදව එහි පාලනාධිකාරිය විසින් ආරක්ෂක නිළධාරියකු ලවා දෙහිවල පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
සත්වෝද්‍යානයේ කිසියම් සත්වයකු අතුරුදන් වීමක් හෝ සොරකම් කිරීමක් සිදු වුවහොත් ඒ පිළිබඳව පොලිසියේ පැමිණිලි කළ යුත්තේ සත්ව අංශ භාර නිලධාරීයකු හෝ ඉහල නිලධාරීයකු විසින් වුවත් මෙම සොරකම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකාවක විසින් සතුන් පිලිබදව අවබෝධයක් නොමැති ආරක්‍ෂක නිලධාරීයකු යොමු කිරීම විමතියට කරුණක් බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT